"ටේහියුන්ග් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?"

"අහන්න."


"ඇයි එදා ජීචන්ග්ව මගෙ ඇස් ඉස්සරහම ඔයාට මරලා දාන්න ඕන කලෙ. එදා සම්පූර්ණ දවසම ඔයා මාත් එක්ක කාලය ගත කලෙ ඔයාගෙ ඒ සැලසුම වෙනුවෙන්ද? ජි චන්ග්ව මං මාර්ගයෙන් ඔයා ලගට ගෙන්නගන්නද ඔයාට ඕන කලේ."

"ඔවු."

"ජන්කුක්ට ඕන කලේ මගෙ සෙල්ලම කොයිතරම් interesting ද කියලා දැනගන්න.එහෙම ජන්කුක් කොයිවෙලාවෙදි මේ සෙල්ලම boring කියලා අතරමග අතහැරලා යයිද? "

"ජන්කුක්ගෙ රස වින්දනයට තවත් වින්දනයක් මම එකතු කලා. ජන්කුක් සෙල්ලම් කරන්නෙ  මොන වගේ සෙල්ලමක්ද කියලා මට ජන්කුක් ට පෙන්නන්න ඕන කලා. පවුකාරයින්ගෙ ලෙයින් මගෙ අත් පෙගිලා යන මේ සෙල්ලමේ සෙල්ලම් කරන ඉත්තොන්ගෙ ජීවිත  මම මාරයාට ලංසු තියන විදිය ජන්කුක් දැනගෙන ඉන්න ඕනෙ.ජන්කුක් විනෝදයට ගත්ත මගෙ පලිගැනීමෙ පලවෙනිම බිල්ල ජන්කුක් ගෙ ඇස් ඉස්සරහම මම ගත්තා .එතනින් එහාත් ජන්කුක් ට මාව විහිලුවක් වෙන හැටි මට බලන්න ආස කලා."

"එදා ජන්කුක්ගෙ ඉවසීම මං ඉස්සරහ ටිකෙන් ටික නැති වෙලා ගියාත් ජන්කුක් ට බැරි වුනා මාව මරලා දාන්න."

"මම  වියපු දැලට අහුවුන පුංචි කෘමියෙක් නොවෙන්න ඒ දවසෙදි ජන්කුක් මාව මරලා දාලා. මට බලන්න ඕන කලා ජන්කුක් කොයිතරම් මගෙ දැලෙ පැටලිලාද කියලා. මම බලාපොරොත්තු වුනා වගේම ජන්කුක් ට ගොඩක් තරහ ගියා.ඒත් ජන්කුක්ට බැරි වුනා මාව මරලා දාන්න.කොයිතරම් ජන්කුක් ගෙ වචන මට නපුරු වුනත් ජන්කුක්ගෙ මනස මම ජන්කුක් ටත් හොරෙන් වෙනස් කරලා."



ටේහියුන්ග් දිහා බලන් හිටිය ජන්කුක් මුකුත්ම නොකියා එතනින් නැගිට්ටෙ ටේහියුන්ග් ඔහුගෙ කුසට හෙමින් අත තියන් ඇස් පියාගනිද්දි.

"ජන්කුක්ට මාත් එක්ක තරහ ගියාද?"


ටේහියුන්ග්ට පිටුපාලා හිටගෙන ජනේලෙන් එලිය බලන් ඉන්න ජන්කුක් ගෙන් ටේහියුන්ග් අහද්දි ජන්කුක් හෙමින් ඔලුව වැනුවා.

"කවදාවත් නැහැ.ටේහියුන්ග් එක්ක තරහ ගන්න මට අයිතියක් නැහැ."


Stolen Love Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ