පත්තුවෙන ඉටිපන්දම් දැල්ල දිහා  බලන් ඉන්න ටේහියුන්ග් උඩු අතට නැගෙන දැල්ල ඇගිල්ලෙන් ස්පර්ශ කරනවා. ටේහියුන්ග් ගෙ පුංචි චලනයකට පවා හොදින් අවදානය දෙමින් හිටිය ජන්කුක් වේගයෙන් ටේහියුන්ග් ගෙ අත ගිනිදැල්ලෙන් එහාට ඇදලා ගත්තෙ ඇදිලා ආව ටේහියුන්ග් ජන්කුක් ගෙ පපුවෙ වදිද්දියි.


"පිච්චුනානම් ටේහියුන්ග් .මොනවද කරන්නෙ ඔයා"


ටේහියුන්ග් ගෙ අත අරගෙන ටේහියුන්ග් ගෙ ඇගිලි එකක් නෑර පරීක්ෂා කරමින් මේ වතාවෙ ජන්කුක් ටිකක් දැඩි කටහඩකින් කෑගැහුවෙ   ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් ඉද්දි .


"ගෝඩ්."

ටේහියුන්ග් පුච්ච ගත්ත ඇගිල්ල හොයාගත්ත ජන්කුක් ටේහියුන්ග්ව ඔහුගෙ ඇද මතින් ඉන්දෙවුවා .මේස ලාච්චු අදිමින් මෙඩික් බොක්ස් එක හොයන ජන්කුක් දිහා තවමත් ටේහියුන්ග් බොහොම නිහඩව බලන් ඉන්නවා.

‍"රිදෙනවා."

ටේහියුන්ගෙ ඇගිල්ලෙ ක්‍රීම් ගාමින් ඉන්න ජන්කුක් ටේහියුන්ගෙ කටහඩ ඇහෙද්දි ඔහු දිහා  ඔලුව උස්සලා බැලුවා.

" රිදෙනවා කියලා  දැන දැන ඇයි ටේහියුන්ග් ටේහියුන්ග්ටම  රිද්දගත්තෙ."



"දැනගන්න ඕන කලා ඒක කොයිතරම් රිදෙනවද කියලා."

"මොකක්ද?"

"ජන්කුක්ගෙ අප්පා මගෙ වෛරයෙ ගින්නෙන් දැවිලා යද්දි එයාට කොයිතරම්නම් රිදෙයිද මට බලන්න ඕන කලා. ඒ රිදවීමට තව වේදනාව එකතු කරන්නනම් ඒ රිදවීම මොන වගේද කියලා මම දැනගෙන ඉන්න ඕන."


ටේහියුන්ග් කියන දේවල් ජන්කුක් ට නොතේරුනත් ටේහියුන්ග් ගෙ වචනයට විරුද්ද වෙන්න ජන්කුක් ට ඕන කලෙ නැහැ. ඒ නිසා ටේහියුන්ග් ගෙ ඇගිල්ලට බෙහෙත් දාන ගමන්ම ජන්කුක් හෙමින් ඔලුව වැනුවා.

" ආහ් කරන්ට් ආවා."

සම්පූර්න මාලිගය ආයෙම විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙලා ගියා.ටේහියුන්ගෙ ඇගිල්ලෙ ක්‍රීම් ගාලා ඉවර වුන ජන්කුක් දෙගිඩියාවෙන් මෙන් ටේහියුන්ග් දිහා බැලුවා. ජන්කුක් ටේහියුන්ග් දිහා බලද්දි මේ වෙද්දිත් ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් ඉන්නවා.

Stolen Love Where stories live. Discover now