"උඹ මේ වෙද්දිත් තේරුම් අරගෙන ඉවරයි. උඹ මොන තරම් මගෙන් ඈතට දිවුවත් තවදුරටත් මේ ලෝකෙ උබට ජීවත් වෙන්න මම අවස්තාවක් දෙන්නෙ නැහැ."
"ඒත් උබට ජීවත් වෙන්න බැරි වුනාට උබෙ දරු පවුල ජීවත් වෙන්න ඕනෙ එහෙම නේද?"

"උඹට මම ඔප්ශන් දෙකක් දෙන්නම්"

"පලවෙනි ඔප්ශන් එක උබ දන්න හැම ඇත්තක්ම මට කියන්න ඕනෙ"
"දෙවෙනි ඔප්ශන්  එක තවදුරටත් උඹ අහිංසකයෙක් කියලාම කියන්න පුලුවන්."

"පලවෙනි ඔප්ශන්  එක තෝරගත්තොත් මට පුලුවන් උඹට ලේසි මරනයක් දෙන්න ඒ වගේම උබෙ පවු උබෙන් ඉවර කරලා උබෙ අහිංසක පවුලට ජීවිත දානය දෙන්න. එහෙම නොවුනොත් මට පුලුවන්  උඹ මරනය ඉල්ලලා කෑගහනකම් උඹට වද දෙන්න.උබෙ ඇස් ඉස්සරහම උබෙ පවුල මරලා දාන්න."

"සෝ ඔප්ශන් වන් ඕර් ඔප්ශන් ටූ?"

"ම.ම ම.ම මු .කු.ත්. දන් නැහැ මහ.ත්තයො ."

මරන බියෙන් හඩා වැටෙන තරුනයාගෙ මුහුන ඉස්සරහට ඇගිලි දෙකක් ගෙනාපු පුද්ගලයා තරුනයාගෙන් පිලිතුරක් ලැබෙනකම් බලන් හිටියා.

"ඔප්ශන් වන්?"

තරුනයා තවමත් හඩාවැටෙමින් ඔහු දිහා බලන් ඉන්නවා.

"ඔප්ශන් ටූ?"

තරුනයාගෙ බිදුන අත තවත් තදින් සපත්තු අඩියට පොඩි කරමින් පුද්ගලයා ය් අහද්දි මරහඩ දෙන්න ගත්ත තරුනයා වේගෙන් වේගෙන් හිස දෙපැත්තට වැනුවා.

"ඔ.ප්.ශ.න් ව.න්"

තුවක්කුව මුව තුල තියෙද්දිම අපහසුවෙන් ගොත ගහමින් තරුනයා උත්තර දුන්නා.  තුවක්කුව අතැති පුද්ගලයාගෙ මුහුනෙ සෑහීමත් පත් හිනාවක් ඇදුනෙ ඔහුට පිටුපසින් හිටගෙන ඉන්න සයිමන් වෙතට පිරිමි පුද්ගලයා හැරෙද්දි..


"සයිමන් ඒක ගේනවා."

ජියොන් හන්හ් ඔහු පිටුපසින් හිටගෙන ඉන්න සයිමන් වෙත හැරිලා එහෙම කියද්දි හන්ග්ට  හිස නමපු  සයිමන් ඔහු අතේ තියන ෆයිල් කවරය ජියොන් හන්ගෙ අත මතින් තැබුවා.

ෆයිල් කවරය දිගෑරපු හන්ග් එතුලින් රූප රාමු කිහිපයක් එලියට ගත්තා.එම රූප රාමු වල තිබුනෙ හන්ග් විසින් නීති විරෝදිව සිදුකරන ලද අපරාද ස්තාන කිහිපයක හන්ග් හිටගෙන ඉන්න අකාරයත් ඔහු විසින් විදේශ ගනුදෙනු කරුවන් කිහිපදෙනෙක්ට  අතට අත දෙන සිදුවීම් කිහිපයකුයි.



Stolen Love Where stories live. Discover now