"මම ජන්කුක්ගෙ අප්පව මහ පාරට ඇදලා දැන්මා."

"මම ජන්කුක්ගෙ මාලිගාව ගිනි තිබ්බා."

"ටේහි..."

"අහන් ඉන්න ජන්කුක් ."

ජන්කුක් ආපිට ටේහියුන්ග්ට උත්තර දෙන්න ගියත් ටේහියුන්ග් ජන්කුක් ට බාදා කලා.

"ජිමින් යන්න ගියාට පස්සෙ ජන්කුක් ගම අතෑරලා අපි කාටවත්ම හොයාගන්න බැරි දුරකට යන්න ගියා."

"ජන්කුක් එක දවසක මට කිවුවා ඒස්‍රා කියන්නෙ වැලක් කියලා. ශක්තිමත් ගසක් නැතුව ඉහලට ඇදෙන්න බැරි වැලක් කියලා."

" ජන්කුක් යන්න ගියාට පස්සෙ මම හිත හදාගත්තා ඒකට කමක් නැහැ කියලා. ජන්කුක්ගෙ මල්ලිගෙ මිනීමරුවව හොයන් යන සම්පූර්ණ අයිතිය ජන්කුක් ට තිබුනා. ඒ වගේම ජන්කුක්ගෙ හිත හදාගන්න ඔයාට කාලය ඕනෙ කියලත් මම දැනන් හිටියා."

"ඒත් මේ මොන සිතුවිල්ල මගෙ හදවතේ තැන්පත් කරගන්න මම උත්සහ කලත් හැම රාත්‍රියකම තවත් එක සිතුවිල්ලක් මගෙ මනසට ආවා."

"ජන්කුක් මට වෛර  කරනවා ඇති. ඒකයි එයා පැටියවයි මාවයි දාලා යන්න ගියෙ."

"ජූන් අන්කල්, ජින් හියුන්ග්, හෝසොක් හියුන්ග් හැම දවසකම මාව බලන්න ආවත් මටත් හොරෙන් මගෙ හදවත වෙනත් පුද්ගලයෙක් වෙනුවෙන් මග බලන් හිටියා."

"ගෙවුනු හැම රැයකම ජන්කුක්ගෙ උනුහුම බලාපොරොත්තුවෙන් මටත් හොරෙන් මගෙ හදවත බලන් හිටියා."

"විල්සන්ගෙ කතා අහපු දගයා පුංචි බේබි ගමට එනකන් බලන් හිටියා වගේම ටේහියුන්ග් ජියොන් ජන්කුක් ආයෙමත් ගමට එනකන් බලන් හිටියා."

"මම තවමත් දන්නෙ නැහැ ඇයි මම මේ වගෙ කතා ජන්කුක්  එක්ක කියන්නෙ කියලා. ඒත් මට ජන්කුක් ට කියන්න ඕනෙ."

"ඔයාගෙ ඒස්‍රා ඔයා එනකන් මග බලන් හිටියා. ගොඩක් බලන් හිටියා."

"ඔයාගෙ ඒස්‍රා ඔයාව ගොඩක් මතක් කලා."

"මේ හැගීම් ජන්කුක් ජීවිතේ කවදහරිම කාගෙන් හරි විදලා ඇති ඒත් මේ හැම හැගීමක්ම මගෙ ජීවිතයට එකතුවුන අලුත් හැගීම්."

Stolen Love Where stories live. Discover now