ජියොන් මාලිගයෙ ජියොන් හන්ග් කුමරු තමන්ගෙම සහෝදරයා මරා දැන්ම ඝාතකයෙක් බවට සමාජය ඉදිරියෙ මේ වෙනකොටත් ලාඩම් ගැහිලා ඉවරයි.

කොරියාවෙ හිටිය අගමැති වීදිපාරක ඇවිද යන උමතු යාචකයෙක් බවට පත් වෙලා ඉවරයි.

සියල්ලම  පටන් ගත්ත තැනටම ඔහු නැවතත් ඇවිදන් ඇවිල්ලා. එදා වීදිපාරයන්හි ඇවිදමින් කෑමට යමක් හෙවුව හන්ග් අදත් වීදි පාරයන්හි ඇවිදමින් ආයෙමත් යමක් හොයනවා. නමුත් අද ඔහු හොයන්නෙ බඩ කට පුරවගන්න කෑම නෙවෙයි.

ඔහු නැවතත් හොයන්නෙ තමන්ට නැති වුන ගෞරවය , දේපල, උරුමයද?

නැහැ. ගෞරවය යන වචනය පවා ඔහුගෙ ජීවිතයෙන් ඈතකට යන්න ගිහිල්ලා.මහ මග ඇවිදින යාචකයෙක්ට කවදාම හෝ සමාජයෙන් ගෞරවය ලැබිලා තියනවද?

වැරහුනු කිලිටි ඇදුම්, මුන පුරා වැවුන රැවුල, එකිනෙකට ගැට ගැහුන කිලිටි ගැහුන කොන්ඩය, පිලිස්සුන හම.අතීතයේදි ජියොන් මාලිගයේ රතු පලස මතින් ඇවිදන් ගිය ජියොන් හන්ග්ව අද වෙද්දි කිසිවෙක්ටම අදුරගන්න බැහැ . ඔහු පිරිහිලා, ඔහු විනාශ වෙලා.

වීදි පුරා ඔවුන්ව හොයමින් ඔහු ඇවිදිනවා.තමන්ගෙම පවු වල වේදනාව හන්ගෙ මනස විනාශ කර දමද්දි ඇස් පියාගන්නවත් නොහැකි තරම් වේදනාවන් මනස පුරා හොල්මන් කරද්දි හැම දුකකම කෙලවර දකින්න හන්ග්ට ඔවුන් ලගට යන්න ඕන කලා.


ජියොන් මීනා.
ජියොන් ජිමින්.
ජියොන් හන්සන්ග්.

හන්ග්ට ජීවිතය දුන්න ඔහුව හොයාගෙන උමතු හන්ග් වීදි පාර පුරා ඇවිද්දා.පුංචි පිරිමි ලමයිගෙ අතින් අල්ලමින් හන්සන්හෙ නම කතාකරමින් හඩමින් හන්ග් ඔවුන්ව වැලදගත්තා. ඔහුට හියුන්ග් කියලා කතාකරන්න කියලා ඔවුන් ලග වැද වැටෙමින් ඉල්ලීම් කලා.ඔහු ඔවුන්ව ආරක්ෂා කරන්නම් කියලා පොරොන්දු දුන්නා.පුංචි දරුවන් ලග වැද වැටෙමින් හඩා වැටෙන හන්ග්ව මිනිසුන්ගෙ ඇස් වලට පෙනුනෙ තවත් එක උන්මන්තකයෙක් ලෙසින් විතරයි.

හන්ග් ඔහුව පහු කරමින් ඇවිදන් යන  තරුනයන් බදාගනිමින් හොද අප්පා කෙනෙක් වෙන්න පොරොන්දු දුන්නා.ඔවුන් හන්ග්ව තමන්ගෙන් ඈතට තල්ලු කරද්දි හන්ග්ට පෙනුනෙ ජිමින් තමන්ව ඔහුගෙන් ඈතට තල්ලු කර දමන ලෙසයි.

Stolen Love Where stories live. Discover now