අලුත් මහත්තයායි නැතිවුන හන්ස්නග් මහත්තයයි ගැන රැයක් දවාලක් නැතුව එකම නිවුස් එක මීඩියා වලින් රිපීට් කරනවා මදිවට උබත් ආයෙමත් පටන් ගත්තද රෝසි. අලුත් මහත්තයා හන්සන්ග් මහත්තයගෙ දරුවෙක් කියලා අපි හැමෝම සැක කරනවා තමා ඒත් උබ මේවා මේ මාලිගාව ඇතුලෙ ඕනෙවට වඩා කියවන්න ගිහිල්ලා ලොකු මහත්තයට කියලා ඉක්මනින්ම උඩට ටිකට් බුක් කරවගන්නවා. "

"දැක්කෙ නැද්ද ඊයෙ ලොකු මහත්තයගෙ මූන.මම මේ මාලිගාවෙ වැඩට ආවයින් ආවා ලොකු මහත්තයගෙ මූනෙ බයක් ඇදිලා තියනවා දැක්කමයි. ඒ වගේම උබ අලුත් මහත්තයගෙ ඇස් දැක්කද? ඒ ඇස් වලින් මනුස්සයෙක් පනපිටින් දවලා දාන්න පුලුවන් බන්. මම දැක්කා ඒ ඇස් වල බැල්මෙන්ම අලුත් මහත්තයා අපේ ලොකු මහත්තයව මරලා දානවා. ඒ වගේම ඒ බැල්මට පවා අපේ ලොකු මහත්තයා බය වුනා.මොනා නැතත් ලග ලගම මේ මාලිගාට ලොකු සුලි කුනාටුවක් නම් ගහගෙන එනවා."

"ඒ නිසා හොද එකී වගේ ආයෙමත් ඔය ගැන අපි මාලිගාව ඇතුලේ කතා නොකර ඉමු.කවුද දන්නෙ උබ ඕවා ගැන කියවද්දි ලොකු මහත්තයා හරි පොඩි මහත්තයා හරි වැරදිලා හරි උබෙ පිටිපස්සෙන් වත් හිටගෙන හිටියොත් රෝසි."


රෝසිගෙ යෙහෙලියක් වන ඇය රෝසි ට ඇගිල්ල දික් කරමින් මෙහෙම කියවන් කියවන් යද්දි රෝසි ඇය දිහා බලන් හිටියෙ සුදුමැලි ගැහිලා .

" ඒ ගමන මොකද උබ  අනින්නෙ. අහගත්තා මදිද. තව කියන්න ඕනෙද මම?"

ඇස් දෙකත් විසල් කරගෙන යහලුවා දිහා බලන් ඉන්න රෝසි වේගෙන් වේගෙන් හිස දෙපැත්තට  වැනුවා.

"මොකද ඒ ගමන උබට  වෙලා තියෙන්නෙ. පුදුමයි අද පලවෙනි වතාවට මගෙ කීමක් අහලා උබෙ කට වැහිලා ගිහිල්ලා. උබ නිකන් හැසිරෙන්න මං කිවුවත් වගේ පොඩි බේබි මගෙ පිටිපස්සෙන් හිටන් ඉන්නවා වගෙ."


රෝසිට ඇගිල්ලෙන් අනිමින් නර්වස් විදියට හිනාවමින් අනෙක් මේඩ් එහෙම කිවුවෙ දැන් දැන් ඇයටත් යන්තම් යමක් වැටහිලා යද්දි.
ඇය හිතන දේ එහෙමම තමා කියන්න රෝසි හිස පැත්තක්කට ඇල කරමින් තොල් එකට එකතුකරෙගන කෙල ගුලියක් ගිලමින් හිස වැනුවා.

Stolen Love Where stories live. Discover now