පේපර්ස් කියවපු ජන්කුක්ගෙ ඇස් පුදුමයෙන් විසල් වුනත් ටේහියුන්ග් ගෙ මුහුනෙ කිසිම හැගීමක් දකින්න තිබුනෙ නැහැ. ටේහියුන්ගෙත් ජන්කුක්ගෙත් අත් දෙකෙන් අල්ලගත්ත හියුජින් .

"කරනවා නේද?නූනා වෙනුවෙන් නූනා ඔයාලගෙන් ඉල්ලන අවසන් ඉල්ලීම ඉශ්ට කරනවා නේද?"

"නූනා ඇයි මේ? "

ජන්කුක් පැකිලෙන හඩින්  අහද්දි ජන්කුක්ගෙ එක අතකින් අල්ලන් හිටිය හියුජින් ජන්කුක් දිහා බැලුවා. ඇගේ ඇස් වල කදුලු පිරිලා.


"මගෙ පුංචි බෙයා මගෙ බෙයා වගේම චූටි පැංචෙක්ගෙ ඔම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ ජන්කුක්."

"ජන්කුක්ට තේරුම් ගන්න පුලුවන්ද මට දැනෙන මේ හැගීම?"

"නූනගෙ ඇස් ඉස්සරහ දග කරපු මගෙ පුංචි මැනික , නූනගෙන් අකුරු ඉගෙනගත්ත මගෙ දග පැටියා නූනා ඇහිපිල්ලමක් ගහන වේගයෙන් පුංචි පැටියෙක්ගෙ ඔම්මා කෙනෙක් වෙන්නත් යනවා. දරුවෙක් වදන්න තරම් වාසනාවන්ත නොවුන මේ පවුකාරිට දරුවෙක් වුනේ මගෙ පුංචි බෙයා. එහෙම මගෙ බෙයා අද ඔම්මා කෙනෙක් වෙන්න යනවා."

"ගොඩක් සටන් කලා මගෙ මැනික වෙනුවෙන් හුස්ම ගන්න.ජීවිතෙ කවදමහරි දවසක මගෙ බෙයාව තුරුලට ගන්න ඇගිලිගනිමින් මම බලන් හිටියා. ජන්කුක් එදා මාව හිර කරපු අපායට හෝසොක්ව නොඑවන්න අදටත් මම ඒ අපාය මැද මගෙ බෙයා වෙනුවෙන් හුස්ම ගනිමින් බලන් ඉන්නවා. අවසානයෙ මගෙ එකම බලාපොරොත්තුව ඉශ්ට වුනා. අපහසුවෙන් ඉහලට ගත්ත මේ හුස්මෙ වටිනාකම නිකන්ම නිකන් නැති වෙලා යන්න ජන්කුක් ඉඩ දුන්නෙ නැහැ. ඒත් ඔයාට පේනවද ජන්කුක් .මගෙ බෙයා දිහා හොදට බලන්න ."

"ජන්කුක් නොදැක්කට මගෙ බෙයාගෙ අහිංසක හිනාව ඒක ඒක ගොඩක් ලස්සනයි.කැලේ පිපෙන පුංචි මල් පවා පිපුනෙ මගෙ බෙයාගෙ අහිංසක හිනාව දිහා බලන්. ඒත් මගෙ බෙයාගෙ අහිංසක හිනාව නූනටත් හොයාගන්න බැරි අදුරක අද හැංගිලා ගිහිල්ලා.මගෙ බෙයා එයාගෙ නූනා දිහා බලලවත් හිනාවෙන්නෙ නැහැ."

"නූනට බැහැ මගෙ මැනික තනියම විදවන දිහා මේ විදියට බලන් ඉන්න. මගෙ බෙයාට ඕනෙ පලිගන්නනම් .නූනා අවසර දෙන්නම් මගෙ බෙයාට ඒ පලිගැනීම වෙනුවෙන් .ඒත් එක කොන්දේසියක් පිට."

Stolen Love Where stories live. Discover now