🥀Haters OR Lovers 💖Chapter 44

1.1K 97 69
                                    

මේ දෙසැම්බර් මාසයේ මැද දිනයක්
හිමෙන් වැසුනු මුළු පරිසරයම අමුතු සුන්දරත්වයකින් දිස්වුනි....සුන්දරත්වය හා සමානවම දැනෙන සීතලත් දරා ගැනිමනම් එතරම් පහසුවක් නැත
නමුත් ඉතින් මේ කාලගුණය නුහුරු අත්දැකීමක් නොවුන නිසා එය එතරම් ගනනක් වුයේ නැත
මිනිසුන්ගේ එදිනෙදා දින චාර්යාවන් ඒ විදියටම ගලාගෙන ගියේය

ඉතින් කිම් බංගලාවෙත් එය එසේමය

"ඇත්තටම කොහෙද දැන් ඔය තුන්දෙනාම කලබලෙන් යන්න හදන්නේ?"

ඒ ඉතින් යිශි මමාගේ හඩයි... උදේ පාන්දරින්ම යිශී මමා කෑ ගසන්නට වුනේ කිම් මහතාගේ ආදරණීය මුණුඹුරන් තිදෙනාම කලබලයෙන් කෑම මේසය වෙත පැමිණ මේ ලැබෙන අන්තිම කෑම වේලයයි සිතා මෙන් කලබලෙන් කෑම කන අකාරය දැක ඇතිවු කේන්තිය නිසයි

❤️ එයාපෝට් යන්න මමා

"ඉතින් ඇයි මේ කලබලෙන්?"

💙පරක්කුයි මමා

💚අපි එනකල් ෆ්ලයිට් එක නතර කරන් ඉන්නැනේ මමා

"මම ඒක දන්නවා ලොකූ.... ඉතින් තුන්දෙනාට බැරිවුනාද කලින් නැගිටලා ලෑස්තිවෙන්න ආ"

💙නිදාගන්න වුනේ නැනේ මමා

"මොකක්???"

❤️අයියෝ අපි රැ ෆිල්ම් එකක් බැලුවනේ ඒකයි

💚එහෙනම් මමා අපි ගියෝ....උම්මා

❤️💙මමා උම්මා

"එව්ව් යන්න යන්න කෙල නොගා"

💙පුහ් ආදරේ කරත් හොදනැ නොකරත් හොදනැ

💚මෙන්න මෙහේ වර බන්

මව එක්ක තවත් කෝලම් කරන්නට සුදානම් වූ යුවාන්ගේ ජැකට් එකෙන්ම අල්ලගෙන යිබෝ යුවාන්ව ඇදගෙන එළියට ගියේය









❤️අන්න අතන කට්ටිය

ශාන් දුර ඉදන්ම තමන්ගේ නසරානි මිතුරුන්ව අදුන ගත්තේය
ඉතින් තිදෙනාම ඔවුන් ලගට ඉක්මනින් ගියේය

🤎මොන වෙඩිමක්ද බක් කරේ එන්නේ නැතිව

💚ටිකක් පරක්කු වුනානේ

🧡හොද ටික

❤️හරි නවත්තගනිල්ලකෝ ඕක...
ජින් ලින් මුලින්ම මට සමාවෙන්න

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now