🥀Haters OR Lovers 💖Chapter 22

647 110 12
                                    

Hospital එකට ආපු ගමන් බනීව ඇතුළට ගනිද්දි
මම icu එකේ දොර ලග නැවතිලා කදුළු පිහිද පිහිදම බලන් උන්නා

ටික වේලාවකින් ඩොක්ටර් කාමරෙන් එළියට එද්දිම මම
දුවලා ගියේ ඩොක්ටර් ලගට

" බය වෙන්න දෙයක් නැ මිස්ටර් නළලේ තුවාලෙට මැහුම් දැම්මා ලේ ගිහිපු නිසයි කලන්තේ දාලා තියෙන්නේ
නෝමල් වෝඩ් එකට දැන් මාරු කරනවා එතකොට ගිහින් බලන්න"

💚ස්තුතියි ඩොක්ටර්

ඩොක්ටර් යීබොගේ උරහිසට තට්ටුවක් දාලා යන්න ගියා
ශාන්ව වෝඩ් එකට නොදා කාමරයකට වෙන් කරගත්තු යීබෝ
දැන් සනිපෙට නිදන් ඉන්න ශාන්ගෙ ඇද ලගින් වාඩි වෙලා ඒ අතක් යීබොගේ දෑත් අතර රදවගමින්
ඒ අත මත සියුම් සිපුමක් තැබුවා..

බැන්ඩේජ් කර ඇති ශාන්ගේ නළලත දෙස බලා උන් යීබෝ සුසුමක් පිටකර ශාන්ගේ කොපුලක් මතද හාදුවක් තැබුවා

💚ඔයා මගේ ලේ පුච්චනවා බනී
අවදි වෙනවකෝ ඇත්තමයි තුවාලේ වේදනාව අඩුවුන ගමන් මම මේක මතක තියන් ඉදලා දෙනවා පස්ස පැත්ත පුපුරන්න පාරක්

නිදා සිටින ශාන්ට නොයෙකුත් දේ මුමුණ මුමුණ උන්න යීබෝ ශාන්ගේ ඇදටම හිස බර කරගනිමින් නින්දට වැටුනි...

හිසෙන් දැනෙන වේදනාවත් සමගම ශාන් පාන්දරින්ම අවදි වුයේය
තම නළලට අතක් ගෙන ගිය ශාන් හට නළලේ බැන්ඩෙජ් ඔතා තිබු නිසා අවට වටපිටාව බලන්න අවැසි වුයේ නැත ඔහු රෝහලේ බව තේරුම් කරන්නට

❤️අනේ යීබෝ

තම වම් අතත් දෑතින්ම තුරුළුකරගෙන නිදා සිටින යීබෝව දුටු සැනින් ශාන්ගේ දෑසට කදුළු ගැලුවේය

සාමකාමිව පියවි තිබෙන ඒ දෑස් දෙස මද වෙලාවක් බලන් හිද ශාන් තම අතගිලි දැනෙන නොදැනෙන සේ යීබෝගේ ඒ අවුල් වී තිබෙන අකීකරු කෙහෙරැලි අතර ගෙනයමින් හිස පිරිමදින්නට විය..

❤️මට සමාවෙන්න මම ඔයාට වද දෙනවට බෝ
මම ඔයා කියන ඕන දඩුවමක් පිලිගන්නම්

ශාන් එසේ සෙමින් මිමුණුවත් හොර නින්දක සිටින යීබෝටනම් එය හොදින් ඇසුනි

💚ම්හුක් ඕන දඩුවමක් පිලිගන්නවද බනියෝ?

යීබෝ එකවරම තම දෙනෙත් විවර කර රහසින් මෙන් අසද්දි ශාන් තිගැස්සුනි

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now