🥀Haters OR Lovers 💖Chapter 28

472 84 27
                                    

ආදරණීය රණ්ඩු අවසානයේ නිවසේ සියළුම දෙනා තම තමන්ගෙ රාජකාරී වලට විසිර යද්දි
යීබෝට තහනම් නියෝග පැනවු ශාන්ද කාමරයට ගොස් දොර වසාගෙන එය ලොක් කරගත්තේය

"කුවාන් පුතා කිව්වට මම හිතුවේ නැ දෙන්නා එච්චරටම එකතුයි කියලා.."

තම කාමරයට ආ කිම් මහතා පැවසුවේ සුන්දර සිනහවක් සමගයි

🤍මටත් හිතාගන්න බැරිවුනා ලොකු සර් ඇත්තටම මල්ලිලා දෙන්නා ගොඩක් එකතුයි..

"මට හරිම සතුටුයි පුතා කොහොම හරි මගේ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නයක් විසදුනා දැන් මගෙ හිත නිදහස්.."

🤍ඉස්සරහට ලොකු සර්ට කොහොමත් හිතේ සැනසිල්ලෙන් ඉන්න පුළුවන් වෙයි ලොකු සර්

"මටත් ඒක විශ්වාසයි පුතා.. කොහොම වුනත් දෙන්නගේ graduation එකෙන් පස්සේ එයාලට කන්පැනි එක භාරකරනවා මේවා එයාලට අයිති ඒවා"

🤍ලාස්ට් එක්සෑම් එක තව මාස තුනකින් විතර පටන් ගන්නවා ලොකු සර්

"එහෙනම් හොදයි ඉක්මනටම මට හිත නිදහස් කරගන්න පුළුවන්.. යුවාන්නම් තාම පොඩියි ඒයාට බිස්නස් වලට එන්න තව කල් තියෙනවා යැන්ලි ගැන මොකද හිතන්නෙ කුවාන් පුතා"

🤍ඒක හරි සර් යැන්ලි ගත්තොත්නම් එයා මේ මාසෙට හොදට බිස්නස් ටික මැනේජ් කැන් ගියා ඇත්තටම ඒයා දක්ෂයි

"එයාවත් බිස්නස්වල හිරකරන්න කලින් මට එයාගෙන් දැනගන්න ඕන දුව ආස මොනව කරන්නද කියලා මම ඒක දුව එක්ක කතා කරන්නම් අනික කොල්ලෝ දෙන්නටත් එක පාර මේවගෙ බර පටවන්න හොද නැ දෙන්නටම එපා වෙයි.. මම හිතනවා කුවාන් පුතා එයාලට උපරිම සහය දෙයි කියලා"

🤍අනිවාරෙන්ම ලොකු සර්

"කුවාන් පුතාට කවුරු හරි ඉන්නවද?"

🤍ඒ කිව්වෙ ලොකු සර්?

"කෙල්ලෙක් බොල ගෑණු ළමයෙක් ඉන්නවද නැති වෙන්න බෑ මේ වයසට ඉන්නම ඕන"

🤍අනෙ මට එහෙම කවුරුත් නැ ලොකු සර්

"තනියම ඉන්නද කල්පනාව.. මට මගෙ ඇස් පියවෙන්න කලින් මගෙ දරුවෝ හැමෝගෙම සතුට බලන්න ඕන ඒ අතරට ඔයත් අයිතියි කුවාන්..
පුතාට යැන්ලි දුව ගැන මොකද හිතෙන්නේ?"

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now