🥀Haters OR Lovers 💖Chapter 08

695 119 4
                                    



නාගෙන ආපු යීබෝ බැල්කනියට ගියේ නොනවත්වාම රින්ග් වෙන පොන් එක බැල්කනියේ තියෙනවා දැකපු නිසයි...

දුරකථනයෙන්,

ඔව් කියන්න

.........................

මොකක් ඒ කියන්නේ අද රැට
හරි මම බලා ගන්නම්. තව විස්තර හොයන්න

ඇමතුම විසන්ධි කරලා ආයෙත් කාමරේට යන්න හැරුනත් යීබෝ බැලුවේ තමන්ගේ කාමරේට එහා පැත්තේ තියෙන ශාන්ගේ කාමරේ බැල්කනිය දිහා

💚ඔලමොට්ටලයෙක්ම තමයි

තමාට කියාගනිමින් යීබෝ කාමරය තුලට ගියා...
රාත්‍රි 10 පහුවෙලා තමන්ට ලැබුන කෙටි පණිවිඩය නිසා
යීබෝ තනි කලු පැහැ ඇදුම්වලින්ම සැරසී කළු කැප් එකකුත් කලු මාස්ක් එකකුත් දමාගත්තේ දකින කෙනෙක්ට තමන්ගේ ඇස් විතරක් පේන්න ඇරලයි..

හරි හැටි නින්දක් නැතිවුන නිසාම කළුවරේම ශාන් බැල්කනියට ඇවිත් ජනේලේ ලග බිත්තියට හේත්තු වෙලා බිමින් ඉදගෙන පේන අහසේ තරු ගනින්න ගත්තා
ටික වේලාවකින් කාගේ හරි අඩි සද්දයක් ඇහුන නිසාම
ශාන් විමසිල්ලෙන් වට පිට බැලුවා
එතකොටයි හොරෙක් වගේ තාප්පෙන් පැනලා යන යීබෝව ශාන්ගේ නෙත ගැටුනේ

හිමින් සීරුවේ කාමරේ බැල්කනිය දිගේ බිමට බැහැගත්තු යීබෝ ගාඩ්ලට අහුනොවී තාප්පෙන් පැනලා පාරට ආවා..
කොච්චර සැළකිලිමත්ව ගෙදරින් පැනගත්තත් යීබෝ
දැක්කේ නැහැ ශාන් තමන්ව දැක්කා කියලා..

❤️කොහේ යනවද මේ මනුස්සයා??

පාරට පැමිණ යීබෝ ටැක්සියක් නතර කරගෙන තමන්ට යෑමට අවැසි තැන ගැන ඩයිවර්ට කිව්වා..
පැය බාගෙක විතර ගමනින් පස්සේ යීබෝ නැවතුනේ නගරෙන් ටිකක් ඈතට වෙන්න සෙනග අඩුවෙන් ගැවසෙන
තාමත් ඉදිකරමින් තියෙන ගොඩනැගිළි කිහිපයක් ලග

💚බලු බල්ලෙක් පේන්න නැ පුදුම මූසල පාටයි..
ඕන දෙයක් වුන දෙන් අදනම් හොයාගන්නවමයි මොනවම හරි

තමාටම කියාගත් යීබෝ අවට වටපිඩාව ගැන හොද විමසිල්ලෙන් ඉස්සරහට ඇවිදන් ගියා..

Yibo POV:

කිසිම මනුස්සයෙක් තියා සතෙක්වත් නැ අඩුම
තනිකරම භූත ගුහාවක් වගේ
ගොඩනැගිල්ලේ තුන්වෙනි තට්ටුවට ආපු මම නැවතුනේ එකේ තිබුන කාමරයක් ලග තාම බාගෙට හදන ගොඩනැගිල්ලේ එකම එක කාමරයක් විතරක් සම්පුර්ණ කරලා තියෙනවා දැක්කම සැක හිතෙන එක පුදුමයක් නෙවෙයිනේ

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now