🥀Haters OR Lovers 💖Chapter 19

595 110 18
                                    

ශාන්ට සමුදුන් යීබෝ යලිත් තම කාමරයට ගියා..
ඔහුගේ හිතට සැහැල්ලුවක් දැනුනා ඉතින් ගිහින් ඇවිත්
අනිවාරෙන්ම තමන්ගේ හැගීම් ශාන්ට කියනවා කියලා යීබෝ හිතාගත්තා

රාත්‍රියේම යීබෝ පිටත්විය

තවත් ශාන් නිවසේ තනිවන දිනයකට හිරු උදාවිය
සුපුරුදු පරිදි යැන්ලි කන්පැනියේ රිජකාරි සමගත් යුවාන් ජින් ලින් සමග යොදාගත් පාඩම් කටයුතු නිසාත්
අදත් ශාන් නිවසේ තනිවිය

❤️යාහ් බිනා එනවකෝ බන් ගාටනවද මෙච්චර වෙලා?

ශාන් මේ යුබින් එනතුරු මගබලා හිද තවමත් නැති නිසා ඔහුට කතා කරන්නේ තුන්වෙනි වතාවටයි

🖤මේ එනගමන් ශානෝ

සුපුරුදු පිළිතුරමයි

❤️ඇ බන් උබ දණගාගෙනද එන්නේ දැන් පැය කීයක්ද ආ ?

🖤මේකයි ශානෝ මේ ජියැන් ශුයැන්ට නොකිය කොහෙද ගියා කියලා මුන් දෙන්නා මෙතන මරා ගන්නවා
උබ දන්නවනේ මට ලයිසන් නැ කියලා , මටත් දැන් පයින් එන්න හිතිලා තියෙන්නේ ශානෝ

❤️හප්පෝ හරි හරි වරෙන්කෝ

තවත් පැයකින් පමණයි ඔවුන් පැමිනියේ..
ඉතින් නිවාඩු දිනය නිසා ශාන් මිතුරන් සමග කතාවුනේ ටිකක් ඇවිදින්නට නගරෙන් පිටට යමු කියලයි

සියලු දෙනාගේ එකගත්වය මත ඔවුන් තීරණය කරේ නගරයෙන් මදක් ඈතට වෙන්න තියෙන ### දූපතට යමු කියායි
එය නිවාඩුවක් ගත කරන්නට නිදහස්ම තැනක්

දිවාආහාරයත් රැගෙන ඔවුන් පිටත්වුනා

..........🌊....

දූපතේ වෙන් කරගත් නවාතැනට ආ සියලු දෙනා තම තමන්ගේ කාමර වලට ගොස් මුලින්ම රැගෙන ආ බඩු අස් කර යලිත් සියලු දෙනා මුහුදු වෙරළට එකතු වුනේ හිතේ හැටියට විනෝද වෙන්නයි

🖤අදනම් මම මෙතනින් හෙල්ලෙන් නැ

පොල් ගසක් යට ඉදගනිමින් යුබින් පැවසුවේ සැහැල්ලු සුසුමක් පිට කර

🧡හෙල්ලෙන්න එපා ඔහොමම ඉදහන් තඩි පොල් ගෙඩියක් ඔළුව කෙලින්ම තියේ

🖤පාප මිත්‍රයෝ..

යුබින් එය ඇසු විගසම එතැනින් නැගිට විත් චෙන්ට රවා ශාන් ඉද සිටින තැනට ගියේය..

Haters or Lovers 🥀💖  ✅Donde viven las historias. Descúbrelo ahora