🥀Haters OR Lovers 💖Chapter 13

619 112 7
                                    


ආයෙත් චෙන් ශූයැන් වචන වලින් රන්ඩු වෙන්න ගද්දි තරගේ දිගටම කරගෙන ගියා..
ඊලග මොහොතේ හැමෝගෙම ඇස් යීබෝ දිහාවට හැරුනේ කැප් එක යීබෝගේ අතේ නිසයි

🖤අඩේ මගේ වාසනාව...

යුබින් උඩ පැන පැන හිනාවුනේ ඊලග මොහොතේ ඒ තොප්පිය තමන්ගේ හිසේ නවතින්න ඉඩ තිබුන නිසයි

🧡යන්න යීබෝ

💖ගුඩ් ලක් කොල්ලෝ

යීබොත් අනිත් අය වගේම කාඩ් එකක් තෝරගත්තත් කවුරුත් නොහිතපු විදියට යීබෝ සුදු ළුණු යුෂ වීදුරුවක්ම එක හුස්මට බීගෙන ගියා

හැමෝම පුදුම උනේ යීබෝට කරන්න බැරි උන ඒ දේ මොකද්ද කියලයි
කාඩ් එකත් කලිසන් සාක්කුවට දාන් යීබෝ ආයෙත් අනිත් අය ලගට ඇවිත් ඉදගෙන හැමෝම දිහා බලලා ලාවට හිනාවුනේ කට්ටියම තමන්ගෙන් ප්‍රශ්න කරන්න බලන් ඉන්න බව තේරුන නිසයි..
ඒයාලව මග ඇරපු යීබෝ කිසි වෙනසක් නොපෙන්වාම හිටියා..

රෑ කෑමෙන් පස්සේ හැමෝම තම තමන්ගේ ටෙන්ට් වලට ගියේ නිදා ගන්න
අද විනෝදාත්මක වගේම හැමෝටම වෙහෙසකර දවසක් වුනා

කලික් එකම කාමරේ නිදාගත්තත් මේ පාර ඇදක් නැති වුනත් එක ලග නිදාගන්න වේලා ශාන් හිටියේ ටිකක් කලබලෙන්
ශාන් ඇස් දෙක විතරක් පේන්න තියෙද්දි මුලු ඇලම බ්ලැන්කට් එකෙන් වහගෙන උන්නේ සීතලත් නිසාමයි ශාන්ට පිටුපාලා යීබෝ කිසි හැල හොල්මනක් නැතුව ඉන්න නිසාම ශාන් හිතුවේ ඒයා නිදි ඇති කියලයි
ඉතින් ශානුත් කිසිම සද්දයක් නොකර ඇස් පියා ගත්තා නිදාගන්න ..

ශාන් යීබෝ නිදි කියලා හිතුවත් යීබෝ හිටියේ බර කල්පනාවක
කම්මුල් දිගේ බේරෙන කදුළු කොට්ටේ තෙමුවත් ඒ කදුළු පිහිදගන්නවත් උවමනාවක් නොවුන යීබෝ කල්පනා ලෝකේක තනි වේලා උන්නා..

උදෙන්ම ඉර උදාවෙද්දි කාටත් කලින්ම ඇහැරුනු කුරුල්ලන්ගේ කීචී බීචී නාද එක්ක මුලු වට පිටාවම හැඩ වුනා වගේම පුදුමාකාර නිදහස් බවක් ගෙනදුන්නා

ශාන් අවදි වෙද්දි යීබෝ හිටියේ නැ
ඉතින් එයත් නිදි ගැට කඩ කඩම එළියට ඇවිත් හොද හුස්මක් ගත්තා

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now