🥀Haters OR Lovers 💖Chapter 27

462 84 21
                                    

දගලලා කරලා වැටිලා අතපය කඩා ගන්නවට වඩා යීබෝ දෙන දඩුවමක් භාරගන්න ශාන් හිත හදාගෙන යීබොගේ බදවටා තදින් දෑත් පටලවගත්තා

කැම්පස් එකට ආපු ගමන්ම ලෙක්චර් එක පටන් ගත්තු නිසා ශාන් පැය ගානකට යීබොගෙන් නිදහස් වුනා ශාන් වෙනදට වඩා උනන්දුවෙන ලෙක්චර් එකට හිත යොමු කරා..වැරදිලාවත් යීබෝ දිහා නොබලන්න ශාන් පරිස්සම් වුනා

පැය තුනකට ආසන්න ලෙක්චර් එක අවසානයේ සියලුව දෙනා ලෙක්චර් හෝල් එකෙන් පිටවෙද්දි ශානුත් අනිත් අයත් එක්කම එළියට පැන ගන්න උත්සාහ කරත් තමන්ගෙ බද වටා එතුන ශක්තිමත් දෑත්වල ග්‍රහණයට නතුවුනා

Zhan pov

💚කොහෙද ලිස්සලා යන්නේ හිතුවද මට අමතක වුනා කියලා ම්ම්

හොරෙන්ම එයාව මගඇරලා අනිත් අයත් එක්කම එළියට යන්න හදපු මම එයාගේ අතට අහුවුනා

❤️අනේ බෝ මට බඩගිනියි අතාරින්නකො හොදේ

💚ඒක පුදුම බඩගින්නක්නේ

❤️එහෙම තමා දෙන්නෙක්ට කන්න එපැයි

💚මොකක් දෙන්නෙක්ට?

මම කියපු දේත් එක්ක යීබෝ ඇස් හිනි කරන් මන දිහා බලද්දි මමත් මගෙ බඩ දිහා බලාගෙන කතා කරා

❤️නැතුව අනේ දෙන්නෙක්ට කන්න එපැයි මේ බන්ඩි ගෙඩියෙ ඉන්න අපෙ පැටියටත් එක්ක

"ක්කැහැ... ක්කැහැ..."

මම එහෙම කියද්දිම එයාගේ ඇස් නළලට යද්දි එක සැරේටම හෝල් එක ඇතුලෙන් ඇහුන කහින සද්දෙ නිසා අපි දෙන්නම ඉක්මනින් ඈත් වෙලා හෝල් එක පුරාම ඇස් යැව්වා.. කැස්සෙ අයිති කාරයින්ව අපේ ඇස් වලට මාට්ටු වුනා

🤎උබලා ඔච්චරටම ඉක්මන් වුනාද බන්

තවත් දොර පිටිපස්සෙ හැන්ගිලා ඉදලා වැඩක් නැ කියලා දැනගත්තු ශූයැන් ඇතුලට ඉස්සර වෙලා ආවේ මමයි බෝ දිහයි ඇස් ලොකු කරගෙන පුදුමෙන් බලා ගෙනයි

ශුයැන්ගේ ප්‍රශ්නෙත් එක්ක මගෙ ඌරු පැටියා තවත් හොල්මන් වුනා

🖤එතකොට අපි මාමලා වෙන්නද යන්නෙ ශානා

බිනා මගෙ ලගට දුවගෙන ඇවිත් අහද්දි උත්තරයක් නොදුන්න මම බිම බලාගත්තේ එළියට පනින්න දගලන හිනාව හිර කරගෙන

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now