🥀Haters OR Lovers 💖Chapter 36

418 71 12
                                    

අලුත් දවසක්....... කිම් බංගලාවේ පිරිසටනම් අද ගොඩක් සතුටු දවසක් වුනා

උදෑසනම කිම් මහතා පහත මහලට වී බලා හිදින්නේ අද දින රාජකාරී කටයුතු ආරම්භ කිරිමට සිටින තම මුණුබුරන් දෙදෙනාව දැක ගැනිමටයි... යිශි මවනම් මුළුතැන්ගෙය තුල බොහෝ කාර්යය බහුලයි තම පුතුන් දෙදෙනාගේ ප්‍රියතම ආහාර තමන්ම සෑදීමට ඇය වෙහෙසෙති......යැන්ලි මෙන්ම යුවාන්ද තම සහෝදරයින් දෙදෙනාව අද සුදානම් කිරිමට වෙහෙසෙයි...

ශාන්ගෙනම් දැන් කන් පිරී ඇත්තේ තම සහෝදරියගේ උපදෙස් වලිනි
එහෙත් යිබෝටනම් සිදුව ඇත්තේ තම බාල සහෝදරයගේ වාචාල කතා අසා සිටිමටයි

❤️හරි හරි අෆ්ෆා මම පිස්සු නටන්නේ නැ වගකීමෙන් වැඩකරනවා පොරොන්දු වෙනවා
ඔයා ඉතින් ඔයාගේ බබා ගැන හිත කරදර කරගන්න එපා අනේ

💜මම දන්නවා මගේ මල්ලි දක්ෂ බව ඒත් බබා ඕනම දෙයක් කරන්න කලින් දෙතුන් පාරක්ම හිතන්න මොකද මේක ලොකු වගකීමක්

❤️මාව විශ්වාස කරන්න පපාගේ පුතානේ මම

💜හරි අපි යමු දැන්

❤️මම එන්නම් අක්කා යන්න

💜ඔය හැඩ වුනා ඇති බබා නැත්නම් ලොකූට ඔයාව පරිස්සම් කරලා බෙරිල්ලක් නැතිවෙයි

❤️ආහ් එයා මොකටද මාව පරිස්සම් කරන්නේ

💜ඇයි එයා එහෙම නොකරන්නේ....
ඉක්මනට පහලට එන්න

යැන්ලි පැවසු කතාවේ සිතිමට යමක් තිබුනද ශාන්ට එය ගැන එවලේ හරි හමන් අවබෝධයක් නොතිබුනේය

යැන්ලි ශාන්ගේ කාමරයෙන් පිටතට එද්දිම ඊට අනෙක් පස කාමරෙන් යුවාන් පිටතට ආවේ හිසත් අතගාමිනියි

💜මොකද චූටි මේ මූණ බෙරි කරන්

💙අර පිස්සු ලොකූ මට ටොක්කක් ඇන්නා
හොදේ

💜ඇයි ඒ ඔයා එයාව කේන්ති ගස්සන්න ඇති

💙අයියෝ මම එහෙම කරනවද අක්කියෝ මම හරි අහින්සනයිනේ

💜මම දන්නෙ නැද්ද අපේ චූටිගේ අහින්සක කමේ තරම... ඔය තුන්දෙනාම එකයි

යැන්ලි සමග යුවාන් හුරතල් වෙමින්ම සීයා අසලට යද්දි මවත් ආහාර සූදානම් කර කෑම මේසය සකස් කර ඔවුන්ට එකතු වී මේ පඩි පෙළ දෙස බලා සිටින්නේ ඇගේ පුතුන් දෙදෙනා පැමිණෙන තෙක්ය

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now