🥀Haters OR Lovers 💖Chapter 23

571 102 8
                                    

Zhan pov

නිදාගන්න කියලා ඒයා ගියත් නින්දක් තියා මට එකම විදියට විනාඩියක්වත් එක තැන ඉන්න බැරුව ගියා..

යාහ් මේ පිස්සා මොනවා කරනවද මන්දා
මගෙ හිත දැන් මට කොන්ට්‍රොල් නැ
එක පිට එක විකාර හිතෙනවා....දැන් මට මා එක්කම කේන්තියි

මහා ඔය බෙහෙත් පෙත්ත බොන්න කියලා සැර කෙරුවනම් මම නොබි ඉන්නවද නැනේ
ම්හුක් මේකා උදුරගත්තේ මගේ කුළුදුල් කිස් එක නේද?

ඔය ඉතින් ආයෙත් මාව රතුවෙනවා
දැන්නම් මූණ චෙරි ගෙඩියක් වගේ...

යීබෝ..බොබෝ..බෝ.. මේ ඉබ්බා හොදට හිටපු මාව පිස්සෙක් කරලා...යෝ ශාන් පුතේ උබට මේ ලව් සික් එක ගහලා නෙවෙයි නේද
ඒ වගෙ තමා දැන්නම් පිලිගන්නම වෙනවා මම අර ඌරු පැටියට ආදරේ තමා කියලා...එව්ව් හොදට හිටපු මටත් එහෙනම් මල්සරා විද්දා

මම තනියම හිනා වෙවී ඔහේ හිතට එන දේවල් මා එක්කම කියව කියව උන්නා..

අද මේ වෙලාව යන්නෙත් නැහැ මට ඔරලෝසුවේ කටු ටික කරවලා දාන්න තරන් හිතයි
වෙන වෙලාවටනම් ඒ පැත්ත බලලා මේ පැත්ත හැරෙද්දි පැය ගනන් ගෙවිලා ඉවරයි ඒකට අද

මම කාමරේ බිත්තියේ එල්ලලා තියෙන ඔරලෝසුවට හිතේ හැටියට රැව්වා..

ඇත්තට ඒයා හවසට කොහේ යන්නද දන්නැ හදන්නෙ
ඒකත් යමුද ඇහුවෙත් නැ යන් කිව්වා විතරයි
මේකගේ අයියා කමනම් අඩු වෙන්නෙම නැ හිටහන්කෝ මම ඔය රැස් බස්සන්නම්...ම්හුක් මෙහෙම කිව්වට බෝ මා ලගට එද්දි මම අහිංසක හා පැටිය වෙනවනේ ඉතින් මටත් නොදැනි මගේ රැස් බහිනෝ..කොහොමට හිටපු ශාන්ද මේ කමක්නැ ආදරේ නිසානේ මේ ඔක්කොම අර ඩයිනමයිට් ගිලපු කුළු මීමා වගේ ඉන්න ශුවාත් ජියැන්ට බය එකේ මම මෙහෙම වුනාම මොකද

ඇත්තට මම මෙහෙම මනෝ ලෝකවල උන්නට යීබෝගේ හිතෙ එහෙම දෙයක් නැත්තන්?....යාහ් මට විකාර එහෙම දෙයක් නැත්තන් මගේ කට කන්න හදයිද බෙහෙත් පොවන්න ඕන තරන් විදි තියෙන්නේ ඒකා කපටි කමෙන් මගෙ කට කන්නයි හැදුවේ
වල් ඌරා... නැතත් මට ඒ ඇස් වලින් ඒක පේනවා

බොබෝ උබ මට ආදරේ නොකිව්වොත් මම බලෙන් හරි කියව ගන්නවා.. මේ ශාන්ට උබ ලග අහිංසක හා පැටියෙක් වෙන්න පුළුවන් වගේම උබව මගේ ලග තියාගන්න මාරයෙක් වුනත් වෙන්න පුළුවන්..

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now