🥀Haters OR Lovers 💖Chapter 09

676 118 7
                                    



💙ආ ඔව් පොඩි අයියේ මේ ජින් ලින්ග්
ජින් ලින් එතකොට මේ මගේ පොඩි අයියා xiao zhan kim

යුවාන් ඒ දෙන්නට දෙන්නව හදුන්වලා දුන්නම ශාන් දිහාත් යුවාන් දිහාත් ජින් ලින් මාරුවෙන් මාරුවට බැලුවේ පුදුම වෙලා වගේ...

ශාන් අතට අත දෙද්දි ජින් ලිනුත් අතට අත දුන්නා..
කෑමෙන් පස්සේ දෙගොල්ලොම තම තමන්ගේ ලෙක්චර්ස් වලට ගියා..

හවස් වෙද්දි යුනිවසිටි එකේ හැමෝටම ඇහෙන්න
අනවුස්මන්ට් එකක්

" මෙවර නියමිත වී තිබෙන චාරිකාවට දින නියම වෙයි
හෙට දින දහවල් 11 වන විට ගමන ආරම්භ කිරිමට සියලු කටයුතු සූදානම් ඔබගේ සහබාගීත්වය අනිවාර වෙයි ඇගයීම් ලකුණු මෙමගින් එකතු වේ
හුදෙක් මෙය විනෝද චාරිකාවක් නොවන අතර අත්දැකීම් බොහෝමයක් ඔබලාට ලබාගත හැකි වේ..
වැඩි දුර දැනුවත් කිරීම් කාර්යය මණ්ඩලය විසින් සිදුකරනු ලබන අතර ඔබගේ අවදානයට ස්තුතියි"

🧡 යකු හෙට?

🖤එකනේ කමක් නැ ඉක්මන් වෙන එකත් හොදයිනේ

🤎 කාලෙකට පස්සේ එහෙනම් ආතල් එකක් සෙට් වෙන්නයි යන්නේ

💗ඇත්ත මේ පාරනම් ඔන්න හිතේ හැටියට විනෝද වෙන්න ඕන

❤️ඕන දෙයක් මගේ නමනම් කන්න එපා උබලා හරිද

🤎හම්මේ ඉතින් අහගන්නැතුව හිටහන් ශානා

..........................

කිම් පවුලේ ප්‍රධානියා ඇර හැම කෙනෙක්ම රැ කෑමට එකතු වෙලා හිටියේ
දැඩි නිහැඩියාව බිදිමින් යීබෝගේ මව කතා කරන්න ගත්තා

" දැන් හැමදෙයක්ම හරි නේද දරුවනේ?"

💙මමනම් ලෑස්තියි මමී ඒත් මේ අයියා තමා

"මොකද ලොකූ ඔච්චර අකමැති?"

💚මට වැඩ තියෙනවා මමී මට ඕන විනෝදයක් නැ

" එහෙම කියලා හරියන්නැ ලොකූ ඔයා පොඩීවයි චූටීවයි බලාගන්න යන්නම ඕන අනික ලොකූ මොනවද ඔච්චරම ඔයාට තියෙන වැඩ මම නොදන්න
ආයේ මම කියන්නැ දැන්ම ගිහින් බඩු ලෑස්ති කරගන්න"

යීබෝ නිහඩවම බේදාගත්තු කෑම එකත් ඉවර නොකරම තරහින් කාමරේට යන්න ගියා
යීබෝ යන දිහා බලන් මව සුසුමක් පිටකලා..

Haters or Lovers 🥀💖  ✅Opowieści tętniące życiem. Odkryj je teraz