🥀Haters OR Lovers 💖Chapter 12

666 117 6
                                    


මහන්සියත් දැනුන වේදනාවත් මැකී ගොස් දැනුන සැහැල්ලුව නිසාම යීබෝ තම දෑස් විවර කරා

💙ආ තමුසේ නැගිට්ටද ?

එකවරම තමා ලගින් ඇසුනේ තමන්ගේ මල්ලිගේ හඩ නිසා යීබෝ හඩ ඇසුන පැත්තට හැරුනා
යීබෝට දැක ගන්න ලැබුනේ තම ඇද ලගම පුටුවක වාඩි වේලා පෝන් එක දිහාවටම නෙත් යොමාගෙන ඉන්න යුවාන්වයි..

💚මොකෝ මෙතන ආ?

💙ශාන් අයියා එළියට ගියා අනිත් අය එක්ක වැඩකට ඒ නිසා ඒයා මාව මෙතව ඉන්දවලා තමුසේ දිහා බලන් ඉන්න කියලා කිව්වා

💚ඉතින් තමුසේ මන් දිහා බලාගෙනයැ ඔය ඉන්නේ?

💙ඔය මුණ දිහා බලන්න ඉන්න මට පිස්සුවක් නැ

💚අනේ තමුසේට කොහොමත් මගේ ලූක් එක ගැන ජෙලස් බව මම දන්නෝ

💙හනේ ඔය අපායට ගහපු කැලැන්ඩරයක් වගේ තියෙන මුණට මම මොකට ඉරිසියා කරන්නද හලෝ
හිනස්සලා මරන්නේ නැතුව ඉන්නවා අයියේ...

💚අනේ මම උබට කිව්වා කියලා හිතාගනින් පේතයා
මම කොච්චර වෙලාවක් නිදාගත්තද?

💙වැඩිය නැ පැය පහක් වගේ

💚එච්චර වේලා?

💙හ්ම් ඔව්
ඒයි මේ අයියේ ඇත්තටම මොකද්ද උනේ කියනවකෝ
ශාන් අයියගෙන් ඇහුවත් මොකුත් කිව්වේ නැ අතරමන් වුනා කියලයි කිව්වේ
ඒත් තමුසෙලා දෙන්නා තොත්ත බබාලයැ මැප් එකක් තියෙද්දිත් අතරමන් වෙන්න

💚ඒක ටිකක් දිග කතාවක්
කෙටියෙන්ම කිව්වොත් ඒක කවුරු හරි හිතාමතාම කරපු දෙයක්

💙what ????
ඔය කියන්නේ මෙතන කාට හරි තමුසෙවයි ශාන් අයියවයි මරන්න ඕන වෙලා කියලද

💚මරන්නද මොනවා කරන්නද මන් දන්නැ හැබැයි ශාන්ව නෙවෙයි මාවයි උන්ගේ ටාගට් එක
මම නිසයි ශානුත් අනතුරේ වැටුනේ

💙ආශ් කවුරු වෙන්න ඇත්ද
අහනවා අයියේ අපි මේ ගැන සර් කෙනෙක්ට කියමුද?

💚එපා මම නිසා අනිත් අයගේ සතුට නැති කරන්න මට ඕන නැ අපි හොද අවදානෙන් ඉමු එතකොට හරි කොහොමත් කට්ටිය එක්ක ඉද්දි අනතුරක් වෙන්නේ නැනේ
ගිහිපු ගමන් මම උන් ගැන බලා ගන්නම්කෝ

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now