🥀Haters OR Lovers 💖Chapter 29

459 85 11
                                    

❤️මට උබ නැතුව බැ.. ම..ගෙ බෝබෝ

ශාන්ගේ දැස් පියවි ගොස් සිරුර අඩපන වුනේය..

Yibo pov

එයාගෙන් සමාව ගන්න කියලා බනීගේ ලගට යද්දි එක පාරටම කොහෙදෝ ඉදන් ආපු කෙල්ලෙක් අපි දෙන්නගෙ මැද්දට පැන්නා
ඒකි මාවත් බදාගෙන තව මගේ කමුලකට කිස් එකකුත් දෙනකන්ම මම වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ශොක් වෙලයි උන්නේ ඒත් බනීගේ ඇස්වලින් කදුළු වැටෙනවා දැක්කම මාව පිච්චෙනවා වගෙයි මට දැනුනේ

ඇගේ එල්ලුන එකී මොකීදවත් නොබලා පැත්තකට තල්ලු කරලා දාලා මම ඉක්මනින් දුවගෙන ගියේ බනීගෙ පස්සෙන්...

මගෙ පපුව එකසිය ගානට ගැහෙනවා
මට බයයි බනීව මට නැති වෙයි කියලා අපි ආදරේ කරන්න පටන් ගත්තා විතරයි

බනී දුවගෙන ගියේ එළිමහන් වේදිකාව පැත්තට
මේ වෙලාවේ මුළු කැම්පස් එකෙන්ම නිස්කලංක කවුරුත් නැති තැනකට තියෙන්නෙ එතන විතරයි..

ඒත් මම යද්දි දැකපු දේ නිසා මගේ ඇග හිරිවැටිලා ගියා.....පඩි කිහිපයක් පහලට බැහැලා උන්න මගේ බනී පපුවට ගගහා අමාරුවෙන් හුස්ම ගන්නවා දකිද්දි මගෙ කකුල් පන නැතුව ගියා වගෙයි දැනුනේ

බනීට කෙලින් ඉන්නවත් පන නැ කියලා පෙනෙද්දි ඉක්මනට පඩි දෙක තුනෙන් බිමට පැනගෙන ඇවිත් මම බනීව අල්ලගත්දිම එයා මගෙ අත් උඩම ෆේන්ට් වුනා

💚අනේ මගේ මැණික
ශාන්.......

හිටන් ඉන්න තරම්වත් මගේ කකුල්වලට පන නැති වෙද්දි බනීව මගෙ පපුවට තුරුළු කරගත්තු මම එහෙම්මම බිම ඉන්වුනා

🤎යීබෝ...

ශුවා වගේම අනිත් උන් ටිකත් අපි ඉන්න තැනට දුවන් ඉද්දි මම සුදු මැලි වෙලා තියෙන එයාගේ මූණ දිහා බලන් උන්නා....මටත් නොදැනිම මට ඉකිගැහුනා

💚අනේ.....බන්..ම..ගේ......මැණික..මා.....එක්ක කතා..කරන්නැ....නේ

💖ශාන් ෆේන්ට් වෙලා ඉක්මනට මෙඩිකල් රුම් එකට අරගෙන යමු

🧡කෝ යීබෝ නැගිටින්න

💚අනේ...මගෙ...බනී බන් මගෙ මැණික කතා කරන්නෙ නැනේ

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now