🥀Haters OR Lovers 💖Chapter 15

626 109 7
                                    


💚ශාන්.......

නහයෙන් ලේ බින්දු එක දෙක බිමට වැටෙද්දි ශාන්ට පේන හැම දෙයක්ම බොද වේලා ගිහින් සම්පුර්ණම අදුරු වෙද්දි

කට්ටියම කෑගැහිලි මැද ශාන් සිහිසුන්ව බිමටම වැටුනා

💚ශාන් ..
අනේ ශාන් මොකද මේ ශාන්??

🖤අනේ ශානා කතා කරපන්කෝ ශානා

🤍යීබෝ ඉක්මනට ශාන්ව අරගෙන එන්න පරක්කු වෙන තත්පරෙත් ඒයාගේ ජීවිතේටයි අවදානමක් වෙන්නේ

කුවාන්ගේ වචන නිසා මේ වේලාව කලබල නොවි ඉක්මනට ශාන්ව උස්සගත්තු යීබෝ කුවාන් එක්ක ශාන්ව වාහනේ දාගෙන ලගම තියෙන රෝහලට පිටත්වුනා

💚අනේ තව වේගෙන් යන්න බැරිද
මේ අනේ ශාන්ව සුදුමැලි වෙනවනේ සීතලත් වෙනවනේ

යීබෝ කෑ ගැහුවත් ඔහුගේ නෙතගෙන් වැටෙන කදුළුවල නිමාවක් නැ

💚අනේ හුස්ම අල්ලපන් මගේ මැණික
අනේ ශාන් හුස්ම අල්ලපන්කෝ

නිසල සීතල වේලා තියෙන ශාන්ව තමන්ගේ උණුසුම් පපුවට තුරුළු කරගෙන යීබෝ මුමුණන්නේය

රෝහලට පැමිණි වහාම වෛද්‍ය වරයෙක් ඉක්මනින් ශාන්ව පරීක්ෂා කර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන ගියේය

පැයක්..

නැ පැය දෙකකටත් වඩියි තාමත් දැඩි සත්කාර ඒකකය තුලින් හෙදියන් එළියට යනව ඇතුලට යනවා පමනයි වෛද්‍යවරුන් පැමිනෙන්නේ නැත

තවමත් යීබෝගේ දෑස්වල කදුළු පටලයකින් වැසි ඇත

💖යීබෝ...

🧡යීබෝ කලබල වෙන්න එපා බන් අපේ ශානාට මොකුත් වෙන්නැ

යීබෝ සිටින අසුන ලගින්ම හිදගත් චෙන් යීබෝගේ හිස අතගාමින් ඔහුව සැනසුවේය

🤍හොයාගත්තද මල්ලි කවුද ඒක දුන්නේ කියලා ?

🤎 ආ ඒ 1st year කොල්ලෙක්
බීම ගෙනාපු මනුස්සයගේ ගෝලයා තමා ඒක යීබෝටම දෙන්න කියලා දිලා තියෙන්නේ

💚මම නිසයි ඔක්කොම
මම නිසයි මේ හැමදේම

යීබෝ වියරුවෙන් තමන්ගේ හිස කෙස් ඇද ගනිමින් ආයෙත් හඩන්නට විය

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now