පුංචිම ආලෝකයක්වත් රැදී නැති ඒ ඇස් ඉබාගාතෙ ඇවිදන් ගියේ  පෙන්ත්හවුස් වත්ත වටකරමින් පිහිටලා තියෙන පයින් කැලෑව තුලට. පුංචි දරුවෙක් පපුවට තුරුලු කරන් ඇවිදන් යන ටේහියුන්ගෙ දෙපා පෑගෙන කටු පදුරු වලට තුවාල වුනත් ඒ වේදනාවන් ඔහුට දැනුනෙවත් නැහැ.

පාලු කැලෑවම ආලෝකමත් කරමින් අහසෙ අකුනක් කෙටුවෙ මේ තරම් වෙලාවක් ඉබාගාතෙ ඇවිදන් ආව ටේහියුන්ග් පයින් ගහක් ලග දෙපා පන නැතුව ඇදන් වැටෙද්දි. පයින් කැලෑවම කුනාටුවකට අසු වෙලාක් මෙන් චන්ඩ හුලං කැලෑව පුරාම ඒ මේ අතට හමනවා.සද්දන්තයින් මෙන් අහස උසට වැඩුන පයින් ගස් ක්‍රාස් ශබ්දය නගමින් වේගයෙන් දෙපැත්තට වැනෙනවා. මහ කුනාටු වර්ශාවක පෙර නිමිති අහස විසින් කියාපානවා.



"මගෙ සුරංගනාවි.මම නිසයි මගෙ මැනිකට මෙහෙම වුනෙ. ගොඩක් විශ්වාස කලා. එහෙම නොකර හිටියනම් මගෙ පුංචි සුරංගනාවි තවමත් ඔම්මා ලග එහෙම නේද."

"පුලුවන්ද මගෙ මැනිකේ මට සමාව දෙන්න."

පුංචි පැටියගෙ සීතල කම්මුල් අතගාමින් ටේහියුන්ග් අහද්දි ටේහියුන්ග් ලගට ඇවිදන් ආව පුංචි ස්නෝවි පැටියගෙ මුහුන ලෙව කාමින් බුරන්න ගත්තා. පැටියා දැන් ඇහැරෙයි දැන් ඇහැරෙයි කියලා ඇස් බෝලන්කරගෙන බලන් හිටියා. පැටියා ඇස් ඇරලා ස්නෝවි දිහා බලන් නැති නිසා කන් පහලට කරන් කෙදිරිගාන්න ගත්ත ස්නෝවි ටේහියුන්ග් ගෙ කුස වෙත ගුලි වුනා.

කෑමොර දෙමින් හඩාවැටෙන්න පුංචි ටේහියුන්ග් ට ඕන කලා. ඒත් ටේහියුන්ග් ගෙ මනස එකතැන නතර වෙලා.ඔහුගෙ මුවින් සිහින් මිමිනුමක් මිස වෙනත් හඩක් පිට වුනේ නැහැ.

"මගෙ සුරංගනාවි හුස්ම ගන්න ඕනෙ. "


පුංචි පැටියව ආයෙමත් පපුවට තුරුලු කරගත්ත ටේහියුන්ග් ඔහු ඇදගෙන වැටුන පයින් ගහ යට  පොලව අතින් හාරන්න ගත්තා. උමතුවෙන් මෙන් අතින්ම ටේහියුන්ග් පයින් ගහ මුල හාරමින් වේදනාබර කදුලු සැලුවා.

මහ ගොඩක් ලෝබයි .ඒ අහිංසක හදවතට දරාගතනොහැකි තරම් ලෝබයි. මාස නවයක් කුසේ තියන් වදපු පුංචි සුරංගනාවිව කොහොමද ඔහු පසට යට කරන්නෙ.ඔහු කොයිතරම් කාලයක් මගබලන් හිටියද සුරංගනාවිව තම දෝතට ගන්න. සුරංගනාවිගෙ උනුහුම් කම්මුල් සිපගන්න. නමුත් අද ඒ උනුහුම් කම්මුල් සීතල ගැහිලා. ටේහියුන්ගෙ පුංචි සුරංගනාවිගෙ ඇස් ඒවා හරි ලස්සනයි.පුංචි ඇස් ඇරලා විපරම් කරමින් ඇය ටේහියුන්ග් දිහා බලන් හිටියා. මේ තරම් කාලයක් ඔම්මගෙ හඩ ඇහුනට ඇය ඔම්මව දැක්කෙ නැහැනෙ. ටේහියුන්ග් ඇයට කිරි පොවද්දිත් ඇස් නොපියාම ඇය ටේහියුන්ග් දිහා බලන් හිටියා. නමුත් ටේහියුන්ග් ගෙ ඇස් පියවුන විනාඩි කිහිපයට.

Stolen Love Where stories live. Discover now