දගයා ඔහුගෙ ඇස් වලින් වැටෙන කදුලු වේගෙන් පිහිදැන්මා.මවාගත්ත හිනාවක් පාමින් ජැක්සන් වෙත අත් දෙකම දික් කරපු දගයා ඔහු ලගට එන්න කියමින් හෙමින් හිස වැනුවා.


පුදුමෙකට මෙන් මේ වතාවෙ දගයා දිහා කුතුහලෙන් බලන් හිටිය ජැක්සන් පුංචි පුංචි අඩි තියමින් දගයා වෙත ලං වුනා.හියුන්ග් දිහා බලන් වේදනාවෙන් හිස වැනුව දගයා හියුන්හ් ඔහු ලගටම එනකන් අත් දෙක දික් කරන් හිටියා.


ජැක්සන් දගයා ලගට ඇවිදන් ආවත් ඔහු වෙත දික් වෙලා තියන දගයගෙ අතින් අල්ලගත්තෙ නැහැ. ඒ වෙනුවට ජැක්සන් ගෙ ඇස් යොමු වෙලා තිබුනෙ වෙන දිහාවකට. දූවිලි තැවරුනු කිලිටි අත අවිනිශ්චිත බයකින්  දගයා වෙත දික් වෙද්දි  පුංචි කොල්ලා වේදනාවකින් ජැක්සන් දිහා බලන් හිටියා.

වේදනාබර කදුලු දගයගෙ ඇස් වලින් පහලට කඩන් වැටෙද්දි වෙවුලන තොල් අතින් තද කරලා වහගත්ත දගයා වේදනාබර හැඩුම් හියුන්ගෙන් හංගගත්තා.දගයා බය වුනා ඔහු ඇඩුවොත් හියුන්හ් ආයෙමත් ඔහුට බය වේවි කියලා.



පුංචි රෝස මලගෙ පිරිනු කුස මතින් අවිනිශ්චිතව අත තියන් ඉන්න ජැක්සන් දිහා බලන් වෙවුලමින් රෝස මල හඩා වැටෙනවා.දගයට රිදෙයි කියලා බියෙන් මෙන් හෙමින් හෙමින් කුස ස්පර්ශ කරන ජැක්සන් ඔහුගෙ මලානික ඇස් ඔසවමින් දගයා දිහා බැලුවා. ඔහු උන්මන්තකයෙක් වී ඇති බව සත්‍යයක් .නමුත් ලේ බැම්මෙනුත් එහා ගිය සහෝදර බැදීම තවමත් ඒ හදවතෙ ඒ විදියටම සටහන් වෙලා තියෙනවා. කොයිතරම් මතකයන් ඒ මනස තුල අදුරෙ සැගවිලා ගියත් තමන්ගෙ පුංචි මල්ලිව ඔහුට අදුරගන්න පුලුවන් වුනා.


විලාපයක් එය. උන්මන්තකයෙක්ගෙ හැඩීමට එහා ගිය වේදනාබර සහෝදරයෙක්ගෙ විලාපයක් එය.පුංචි කොල්ලගෙ කුස මතින් වේගෙන් අත අහකගට ගත්ත ජැක්සන් දූවිලි පොලව මත දනින් වැටුනා. දූවිලි පොලව අවුස්සමින් හිස පොලවෙ ගගහා විලාප තියමින් අඩන ජැක්සන් සැරෙන් සැරෙ පුංචි කොල්ලගෙ කුස වෙතට අත දික්කරමින් මොනවදෝ කියන්න උත්සහ කරනවා.

හයියෙන් කෑගහලා වේදනාව වචනයෙන් පිට කරන්න ඕනෙ කලත් තවදුරටත් කතාකරන්නෙ කොහොමද යන්න ජැක්සන් ට අමතකව ගොස් තිබුනා. ඉතින් විලාප තියමින් දනින් වැටුන ජැක්සන් පුංචි දගයට ඇගිල්ල දික්න්කරමින් පපුවට අතින් ගහගනිමින් හඩා වැටුනා.

Stolen Love Where stories live. Discover now