නමුත් එක් කටහඩක්



"හි.යුන්.ගි.."


හුරුපුරුදු සිහින් කටහඩක් ඇහෙද්දි හඩ ඇහෙන දිහා හිස හරවලා බැලුව  ඔහු මුහුන ආවරනය කරන් ඉන්න අත් හෙමින් ඇස් අතරින්  මෑත් කලා.
මාස අටක්.ගෙවුන මාස අටට පසුව  අදයි පුංචි දගයා පලවෙනි වතාවට හියුන්ග්ව දකින්නෙ.අහිංසක දුබුරු ඇස් වල කදුලු පිරිලා.මේ ඉන්නෙ ජැක්සන්මද කියලා හිතාගන්න බැරි තරමට ඔහු වෙනස් වෙලා.මුහුන පුරා වැවුන රැවුල, වියලිලා පැලිලා ගියපු තොල්, කිලිටිව ගිය සිරුර.

නමුත් හියුන්ගෙ  ශක්තිමත් අත් අල්ලන් වැඩුන පුංචි දගයට හියුන්ග්ව අදුරගන්න බැරි වෙයිද.

තවමත් මුකුත් නොකියාම දගයා දිහා බලන් ඉන්න හියුන්ග් ලගට හීනි අඩි තියමින් ලං වුන දගයා හියුන්ගෙ කම්මුල් ස්පර්ශ කරන්න  හෙමින් අත දික් කලා.නමුත් දගයා බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ද වෙද්දි ගැස්සිලා ගියපු දගයා ජැක්‍සන් වෙත දිගු කරපු අත මදක් පස්සට ගත්තා.

තමන් වෙත දික් වෙන නාදුනන අත දකිද්දි වේගයෙන් දගයගෙන් ඈත් වුන ජැක්සන් අදුරු කුටියෙ මුල්ලකට ගුලි වුනේ දගයට තේරුම් ගන්න බැරි මොනවදෝ වේගෙන් වේගෙන් මුමුනමින්.දරාසිටි ඉකිබිදුම් දගයගෙ වෙවුලන තොල් අතරින් පිටවෙද්දි තමන් දිහා බලන් හඩාවැටෙන නාදුනන පුද්ගලයා දිහා මුල්ලකට ගුලි වෙමින් ජැක්සන් බලන් හිටියා.

ඔහු ඉස්සරහ හිටගෙන ඉන්නෙ තමන්ගෙම පුංචි මල්ලි කියලා අදුනගන්න බැරි තරමට ජැක්සන් ගෙ මනස අවුල් වෙලා.මාස අටක් ආලෝක බිදක් වැටෙන් නැති අදුරු කුටියක හිර කරලා තිබ්බ ජැක්සන් වුක් බලාපොරොත්තු වුනා වගේම මානසිකව වැටුන උම්මන්තකයෙක් වෙලා.


"හි.යුන්...ගි මේ.මම ඔයාගෙ. බෙ.යා."

ජැක්සන් වෙත දගයා දික් කරපු අත තවමත් ජැක්සන් වෙත දික් වෙලා තියනවා. ඔලුව කසමින් හිස දෙපැත්තට වනමින් ඉන්න ජැක්සන් දගයා දිහා බලන් ඉන්නෙ ලොකු බයකින්. හරියට ඔහු ඇවිත් ඉන්නෙ තමන්ට රිද්දන්න යන හැගීමකින් වගෙ ජැක්සන් දගයා දිහා බලන් ඉන්නවා.

"මම ඔයාට රිද්දන්නෙ නැහැ.හියුන්ගි මම ඔයාගෙ කරදරකාරයා.හියුන්ගි කැමති නැද්ද මගෙ ලගට එන්න."


Stolen Love Where stories live. Discover now