හන්සන්ගෙ අත් දෙකෙන්ම අල්ලගත්ත මීනා පුංචි හාදු දෙකක් ඔහුගෙ සිනිදු අත් දෙක මතින් තිබ්බා.

ඉයුන් වූත් සමග විවාහයෙන් පසු හන්සන්ග් ජියොන් මාලිගය අතහැරලා යන්න ගියෙ ඉයුන් වූගෙ පුංචි නිවසෙ ඔහුගෙ ජීවිතේ සතුටුම කාලය ගෙවන්න.
රජෙක් මෙන් මාලිගයක හැම සැප සම්පතක් මැදම හැදී වැඩුන හන්සන්ග් එදා ඒ කිසිම රාජ සැපක් හිතුවෙ නැහැ. ජියොන් මාලිගාය අතහැරලා ඉයුන් වූගෙ පුංචි නිවසෙ නැවතීමට යාම සම්පූර්ණයෙන්ම හන්සන්ගෙ තනි කැමැත්ත මත සිද්ද වුන දෙයක්.

කොයිතරම් දේපලක අයිතිකාරයෙක් වුනත් හන්සන්ග්ට ඕන කලෙ නැහැ ඉයුන් වූව ඒ දේපල අතරෙ අතරමං කරන්න. අධි මාන්නය පිරුනු තමන්ගෙ පවුල මැද ඉයුන්වූවට ඉයුන් වූ කියන්නෙ කවුද යන්න අමතක කරවන්න ඔහුට ඕන කලේ නැහැ..තමන් පෙමින් බැදුනු මිනිසාගෙ ගතිපැවතුම් ඔහුටම අමතක වෙන අපායකට ඉයුන් වූව එක්ක එන්න හන්සන්ග් ට ඕන කලේ නැහැ.
ඉයුන් වූ හැඩගැහුනු පරිසරෙයෙන් එහා ඔහුට නොගැලපෙන ව්‍යාජ පරිසරයකට ඔහුව බලෙන්ම හැඩගස්වන්න හන්සන්ග්ට ඕන කලේ නැහැ..හන්සන්හ් වෙනුවෙන් ඉයුන් වූ වෙනස් වෙන්න උත්සහ කරන බව හන්සන්හ් දැනන් හිටියා.පිටින් සැපසම්පත් පිරි මේ තැනට වඩා ඉයුන් වූගෙ පුංචි නිවසෙ ආදරය නිදහස හන්සන්ග් වෙනුවෙන් පිරිලා තිබුනා.

ගෙවුනු අවුරුදු එකහමාරක කාලයට පසු අද නැවතත් හන්සන්ග් ජියොන් මාලිගයට පැමිනියාම සේවිකාවන් දෙදෙනක් හැර මාලිගායෙ අනෙක් සියල්ලක්ම ඒ වෙනුවෙන් බොහොම සතුටු වුනා.



"එයා ගොඩක් ලොකු වෙලා එහෙම නේද? "


හන්සන්ග් වෙතට අත දික් කරමින් මීනා අහද්දි ඔවුන් පිටුපසින් ඇහුනෙ හුරතල් කටහඩක්.

"අන්කල් හන්සන්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්."


"පොඩි බේබි දරුවො පරිස්සමෙන් ..හෙමින් හෙමින් .."

මීනගෙත් හන්සන්ගෙත් දෑස් ඔවුන් වෙත දුවන් එන පුංචි කොල්ලා වෙත යොමු වෙද්දි ඔවුන් දෙදෙනාගෙම ඇස් වල ඇදුනේ සෙනෙහෙබර හිනාවක්. පුංචි කොල්ලා පසුපසින් දුවන් එන වයසක විල්සන්ගෙ මහන්සිබර මුහුන දකිද්දි හන්සන්ග් ටයි මීනටයි හිනානොවී බැරි වුනා..නමුත් හිනාවෙන ඔවුන්ගෙ ඇස් එකවරම විසල් වෙලා ගියේ ඔවුන් වෙත දුවන් එන පුංචි කොල්ලගෙ කකුල් අතරමගදි එකිනෙකට පැටලුන නිසා..


Stolen Love Where stories live. Discover now