"හරියටම බැලුවොත් ඔයාට තව තියෙන්නෙ විනාඩි පහලවයි..පරක්කු වෙන්න නම් එපා.. දන්නවනෙ අපේ හන්සන්ග් ගැන..Professional life එකට ගියාම ඒ කෙනා මස්සිනාද කියලවත් එයා බලන්නෙ නැහැ.. "

"මම දන්නවා නූනා...එයා ගැන මම ගොඩක් හොදට දන්නවා..."

අමුතුම හිනාවකින් හිනාවුන වුක් දිහා ආයෙම වතාවක් බලලා හිනා වුන ඇය කාමරයෙන් පිටත් වුනේ ඉක්මනින් වුක්ට ලෑස්ති වෙන්න කියමින් ...







විශාල ගොඩනැගිල්ල ලගින් කාර් එක නවත්තපු වුක් කාර් එකෙන් බැස්සෙ කලිසම් සාක්කුවට අත හොවාගමින් ..සාක්කුව තුලින් පුංචි පෙට්ටියක් එලියට ගත්ත ඔහු පරිස්සමට පෙට්ටිය විවර කලා.
දිලිසෙන දියමන්තියක් ඔබ්බවපු මුදුව දිහා ඔහු බලන් හිටියෙ සෙනෙහබරව...


"ඔයාට පුලුවන් වුක්හා...හන්සන්ග් හියුන්ග් අනිවාර්යයෙන්ම ඔයාව පිලිගනියි..එයා දන්නවා ඔයා කොයිතරම් නම් එයාට ආදරය කරනවද කියලා.. ඒක එහෙම නේද? "

දිගු හුස්මක් පිට කරපු වුක් පෙට්ටිය වහලා නැවතත් එය සාක්කුව තුලට දාගත්තා..ලී දොන්ග් වුක්..එහෙම නැත්තම් ජියොන් හන්ගෙ බිරිදගෙ එකම සහෝදරයා..

අවුරුදු හයක ඒක පාර්ශ්වික ප්‍රේමය අවසානයෙ වුක්  අද ඔහුට ඔහුගෙ හදවතේ ආදරය ප්‍රකාශ කරන්නයි යන්නෙ...වුක් අද ගොඩක් නොසන්සුන්..ඒත් තවත් නිහඩව බලන් ඉන්න වුක් සූදානම් නැහැ..

නැවතත් දිගු හුස්මක් පහලට පිට කරපු වුක් ඔහු හැදගෙන ඉන්න බ්ලේසර් එක සකසමින් කම්පැනි බිල්ඩින් එක වෙතට ඇවිද්දා..වුක් පැමිනෙනවත් එක්කම සියලුම සේවකයින් ඔහුට හිස නවමින් ආචාර කලා..


"අනේ මන් දන් නෑ මිලී අපේ හන්සන්ග් සර්ගෙ වැඩනෙ මේවා..කොහේද යන හිගන කොල්ලෙක්ව අපේ බොස් කරලා ඒ මිනිහගෙ අත පල්ලෙන් වැටිලා අපිට වැඩ කරන්න වෙලා තියෙන්නෙ.."

"ඇත්ත..කොයිතරම් පොඩි කාලෙකින්ද බන් ඉයුන් වූ මේ තරම් දුරක් ආවේ..අනිවාරෙන්ම මොකක් හරිම යටිකූට්‍ටු වැඩක් මෙතන වෙනවා.."

තමන්ට ආචාර කරන සියලු සේවකයින්ට සිනහමුසු මුහුනින් ආචාර කරමින් ඉදිරියට ඇවිදන් යන වුක්ගෙ දෙපා කොරිඩෝවෙ එක තැනකදි නතර වුනේ කාර්යාල සේවිකාවන් දෙදෙනෙක් කරන කතාබහ ඇහෙද්දි..ඉදිරියට යමින් හිටිය වුක්ගෙ කකුල් නැවතත් පසුපසට හැරුනා..


Stolen Love Where stories live. Discover now