"හාහා ඉක්මනින් ලෑස්ති වෙන්න තවත් පරක්කු වුනොත් නම්..."

බෙල්ල යටින් ඇගිල්ල ගෙනියමින් පෙන්නපු ඇය වුක්ගෙ හීනිවුන ඇස් දිහා බලන් හිනාවුනා..


"බය කරන්නද හදන්නෙ ම්ම්ම්ම් ...යන්න යන්න නූනා යන්න මම ඉක්මනින්ම ලෑස්ති වෙලා එන්නම්."

"එහෙමයි..එහෙමයි... "

"ආහ් නූනා ඔහොම පොඩ්ඩක් ඉන්න..."


යන්න හැරුන ඇයව මගින් නතර කරගත්ත වුක් ඔහු ඉදගෙන හුටිය ස්ටූල් එකෙන් නැගිට්ටා..සිතුවම් අහුරපු කබඩ් එකක ලාච්චුවක්  ඇරිය වුක් ලාච්චුව අවුස්සමින් එයින් එලියට රෝල් කරපු සිතුවමක් ගත්තා..

"මේක නූනට..."

"මට?"

"හ්ම් ඔවු අරන් බලන්නකෝ..."

වුක් දික් කරන් ඉන්න සිතුවම් රෝල අතට ගත්ත ඇය හෙමින් සිතුවම දිගෑරියා...


"අනේ මගෙ මල්ලි..."

ඇගේ ඇස් වලට කදුලු පිරෙද්දි එක අතකින් කට වහගත්ත ඇය වුක් දිහා කදුලු පිරුනු ඇස් වලින් බැලුවා...

ඇයගෙ පුංචි පවුල ඔහු හරි ලස්සනට සිතුවම් කරලා..

පුංචි සොක්ජින් ඇගේ උරහිස මත නිකට තියන් හිනාවෙමින් බලන් ඉන්නවා...පුංචි ජන්කුක්  ඇගෙන් ඈතට දුවන්න යද්දි ඇය පුංචි කොල්ලට යන්න නොදී ඔහුගෙ අතින් අල්ලන් ඉන්නවා..පුංචි ජිමින් ඇගේ ඔඩොක්කෙ උඩට වෙලා තාරා පැටියෙක්ගෙ සෙල්ලම් බඩුවක් කටේ දාගෙන සූප්පු කරනවා..දරුවෝ තුන් දෙනත් ඇයටත් පිටුපසින් ඔහු  සිනහමුසුව හිටගෙන ඉන්නවා..

ජියොන් හන්ගෙ මුහුන ඇගිලි තුඩු වලින් ස්පර්ශ කරපු ඇගෙ ඇස් වලින් පහලට කදුලක් කඩන් වැටුනා.. සිතුවමට නැගුන මේ මොහොත විවාහ ජීවිතෙ කවමදාවත් විදලා නොතිබුන ඇය වුක්ව තදින් වැලදගත්තා...

"ස්තූති ..ගොඩක් ස්තූති...ඔයා හිතනවටත් වඩා මට මේක ගොඩක් වටිනවා.."

"නූනගෙ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක්..."

"හ්ම්ම්ම් හ්ම්ම්ම් දැන් ඇති... මගෙ කොල්ලා දැන් ඉක්මනටම යන්න ලෑස්ති වෙන්න.."

Stolen Love Where stories live. Discover now