"ඔම්මට සමාව දෙනවද මගෙ මැනික..ඔම්මා නිසා මගෙ මැනිකගෙ ලස්සන ලමා කාලය නැති වුනා..අවුරුදු පහලවේ පුංචි කොල්ලා අබ්බාගත මගෙයි චූටි මල්ලිගෙයි ජීවිතේ වෙනුවෙන් කොයිතරම් මහන්සි වුනාද. මගෙ පුතා අද වෙනකනුත් ඔම්මටයි මල්ලිටයි පුංචිම අඩුවක්වත් කරලා නැහැ.. කලින් ආත්මයක ඔම්මා ලොකු පිනක් කරන්න ඇති උබ වගේ පුතෙක් ලබන්න රත්තරනෙ.."

"දන්නවද මගෙ පුතේ මේ ඔම්මගෙ හිතේ කිසිම බයක් නැහැ..මගෙ ඇස් ඕනෙම වෙලාවක සදහටම පියවිලා යන්න පුලුවන් ඒත් මේ හිත හරිම නිදහස්.. ඔම්මා නැතත් මල්ලි හරි පරිස්සම් මගෙ පුතා ලග.."

ජැක්සන්ගෙ නලල මත හාදුවක් තිබ්බ ලීනාගෙ අතින් තද කරලා අල්ලගත්ත ජැක්සන් .

"කවදාවත් ඔය වගේ කතා ආයෙමත් කියන්න එපා..මොනවද ඔම්මා මේ කියන්නෙ..තවමත් මේ තරම් ලස්සන මගෙ ඔම්මද මෙහෙම කතා කියන්නෙ..තව අවුරුදු සීයකටත් වඩා ජීවත් වෙනවා මගෙ ඔම්මා.ඔන්න බලන්නකො මම බොරුද කියන්නෙ කියලා."

ජැක්සන් කිවුව කතාවට ආපස්සට යමක් ලීනා කියන්න ගියත් ලීනගෙ තොල් දෙක මත ඇගිල්ල තිබ්බ ජැක්සන්  ඇය දිහා බොරුවට රවලා බැලුවා..


"තව එක වචනයක් හරි කිවුවොත්නෙ..මම දැන් යනවා .මම ගිහින් එනකන් තුන්දෙනත් එක්කම පරිස්සමෙන් ඉන්න ඕනෙ හොදද..

ජැක්සන්  කියද්දි ඔහු දිහා බලන් ඇය හිනාවෙවී හිස වැනුවා.


ලීනාගෙ කම්මුල මත හාදුවක් තිබ්බ ජැක්සන් ඇගෙ රෝද පුටුවත් තල්ලු කරන් නිවසෙ පිවිසුම් දොර වෙතට ආවා..

"ගිහින් එන්නම් ඔම්මා."

ලීනට අත වනපු ජැක්සන් ලා තණ කොල වැවුනු මිටියාවත පුරාම ඇස් ගෙනිච්චෙ විශේශ ඇයව හොයන්.

"මාවද හොයන්නෙ ."

ජැක්සන්ට පිටුපසින් ඇහුන හියුජින්ගෙ  හඩට ජැක්සන් ඇය දිහාවට හැරෙන්න ගියත් ජැක්සන් ට වඩා ඉක්මන් වුන ඇය ජැක්සන් ඉස්සරහට ඇවිත් හිටගත්තා..

"ගිහින් එන්නම් මී මැස්සි."

හියුජින්ගෙ රෝස කම්මුලක් ආදරනීයව ස්පර්ශ කරපු ජැක්සන් හොරෙන් පිටුපස බලමින් ඇගේ රෝස තොල් මත හාදුවක් තිබ්බා.

Stolen Love Where stories live. Discover now