මේ වතාවෙ ජැක්සන් ගෙ වාරය.කෝෆි කෝප්පයට හෙමින් පිම්බ ජැක්සනුත් ලීනා වෙත කෝෆි කෝප්පය ලං කලා..

ඔම්මයි පුතයි දෙන්නම මාරුවෙන් මාරුවට උනුසුම් කෝෆි කෝප්පය හිස් කලා..



"මගෙ පුතේ..."

"හ්ම්ම් ඔම්මා "

"පරිස්සමට ගිහින් එන්න ඕනෙ හොදද?"

ලීනාට කෝෆි කෝප්පය දික් කරගෙන හිටිය ජැක්සන් ඇය දිහා ඇස් උස්සලා බැලුවා..කොයිතරම් ශක්තිමත් හදවතක් ජැක්සන් ට තිබ්බත් ඔම්මා ලග ඒ ශක්තිමත් හදවත ඔහුට හිතාගන්නත් බැරි තරම් සංවේදියි.

ලීනා බලන් ඉද්දි ජැක්සන් ගෙ ඇස් වලට කදුලු එකතුවුනා..

"අනේ මගෙ රත්තරනෙ ඇයි මේ.."

ජැක්සන්ගෙ ඇස් වලට එකතුවෙන කදුලු කැට ලීනව කලබල කෙරෙවුවා..නමුත් කදුලුත් එක්ක හිනාවෙමින් හිස දෙපැත්තට වනපු  ජැක්සන් කෝෆි කෝප්පයෙ ඉතිරි ටිකත් ලීනට පෙවුවා..





"මගෙ පැටවු දෙන්නගෙ අප්පා අද ජීවතුන් අතර හිටියනම් මගෙ පුතා දිහා බලන් ගොඩක් ගොඩක් ආඩම්බර වෙයි.."

ලීනගෙ ඇස් වලත් කදුලු පිරිලා.. හෙමින් ඉස්සරහට අත දික් කරපු ජැක්සන් ඇයගෙ ඇස් වලින් පහලට කඩන් වැටෙන්න ගිය කදුලු කැට අල්ලගත්තා..

"මගෙ ඔම්මාගෙ ඇස් වලින් කදුලු වැටෙද්දි අප්පා කොහොමද මං ගැන ආඩම්බර වෙන්නෙ .."

ලීනා දිහා බලන් ජැක්සන් කියද්දි ලීනගෙ මුහුනෙ ඇදුනෙ මහ ආඩම්බර හිනාවක්.ඒ වගේ හිනාවකට හිමිකම් කියන්න පුලුවන් ඔම්මා කෙනෙක්ටම විතරයි.


"ඔම්මගෙ ඇස් වලින් සතුටට කදුලු වැටුනට අප්පා තරහ වෙන එකක් නැහැ මගෙ රත්තරනෙ.."

"මගෙ පුතාට අවුරුදු පහලවක් වෙද්දිම ඔම්මා එකතැන් වුනා..මගෙ පුතාගෙ ඔම්මා එදා ගොඩක් බය වුනා..අප්පාත් නැතුව අදින් පස්සෙ කොහොමද ඔම්මා මගෙ පැටවු දෙන්නව බලාගන්නෙ."

"ඒත් මගෙ බයට දවසකවත් ආයුශ ඉතුරු කලේ නැහැ මගෙ පුතා..
මගෙ රත්තරන් ඔම්මා ලගින් පර්වතයක් වගේ හිටගත්තා..ඒ පර්වතය අදටත් ඒ විදියටම ඔම්මාව ආරක්ෂා කරනවා."

Stolen Love Where stories live. Discover now