ටික දුරක් ඔය විදියටම බයික් එක ඉස්සරහට ඇදෙද්දි අතුරුපාරක් අයිනේ නවත්තලා තිබුනු කලු පැහැ බෙන්ස් රථයක් ඉක්මනින් පනගන්වමින් බයික් එක ගමන් කරන මං තීරුවේම දකුනු පසට එකතු වුනා.. කාර් එක බයික් එක හා හමුවෙනවත් එක්කම ටික දුරක් ඉස්සරහට ගියපු බයික් එක කාර් එක හරස් කරමින් ඒ ඉදිරියෙන් නැවැත්තුවා..



"බහින්න."

යන්තම් පිටුපස හැරිලා බලපු ජන්කුක් ඔහු පිටුපසින් ඉදගෙන ඉන්න ටේහියුන්ග් දිහා නොබලම කතාකලා.

"පරිස්සමෙන් බලාගෙන."

තමන්ගෙ හීනි ඇගටත් වඩා දෙකක් විතර විශාල ගවුමකුත් උස්සන් බයික් එකෙන් බහින ටේහියුන්ග් ගවුම පටලගනී කියලා හිතලදො කොහෙද බලාපොරොත්තු නොවුන වචන පෙලක් ජන්කුක් ගෙ මුවින් පිටවුනා.නමුත් ජන්කුක්ගෙ මුහුන දිහාවත් නොබලපු ටේහියුන්ග් බයික් එකෙන් බැහැලා බයික් එකට ටිකක් එහාට වෙන්න හිටගත්තා.


ටේහියුන්ග් දිහා හැරිලා නොබැලුවත් සයිඩ් කන්නාඩියෙන් ටේහියුන්ග් දිහා බලන් හිටිය ජන්කුක් ඔහු පැලදගෙන ඉන්න හෙල්මට්  එක ගලවලා බයික් එකේ හැන්ඩ්ල් එකේ රදවමින් බයික් එකෙන් බැස්සා..

බයික් එකෙන් බැස්ස ජන්කුක් ටේහියුන්ග් වෙතට ලං වෙද්දි ඉබේටම ටේහියුන්ග් ජන්කුක් ගෙන් පස්සට අඩි තිබ්බා..ටේහියුන්ග් තමන්ගෙන් ඈතට යන්න උත්සහ කරනවා කියලා පෙනෙද්දි ටේහියුන්ග් වෙත ලංවෙමින් හිටිය ජන්කුක් අතරමග නැවතුනා..

ඈතින් ඉදන්ම අත දික් කරපු ජන්කුක් ටේහියුන්ග් පැලදගෙන ඉන්න හෙල්මට් එකෙ බකල් එක ගලවන  දිහා ටේහියුන්ග් හෙමින් ඇස් උස්සලා බැලුවා..ජන්කුක්ගෙ සම්පූර්ණ අවදානය යොමුවෙලා තිබුනෙ ඒ වෙතට නිසා ටේහියුන්ග් ඔහු දිහා බලනවා ජන්කුක් දැක්කෙ නැහැ.

"එන්න "

ටේහියුන්ග් පැලදගෙන හිටිය හෙල්මට්  එක ගලවලා අතට ගත්ත ජන්කුක්  තනි වචනයෙන් ටේහියුන්ග් ට කතාකරමින් ඔවුන්ට පසුපසින් නවත්තලා තියන කාර් එක වෙතට ඇවිද්දා..
ජන්කුක් ටේහියුන්ග් ට කතාකරලා එහෙම යන්න ගියත් ටේහියුන්ග් තවමත් ඔහු හිටගෙන හිටිය තැනට වෙලා හිටගෙන බලන් ඉන්නවා..


Stolen Love Where stories live. Discover now