"ඕහ් ඔයා මට බය වෙලාද?"

හිනාවෙන ඔහු ටේහියුන්හ් දිහා බලාගෙනම ඉස්සරහට අඩියක් තිබ්බා.නමුත් ඔහු එක අඩියක් ඉස්සරහට තියද්දි  ටේහියුන්හ් ඒ වගේම අඩියක් පස්සට ගත්තා.

"මොකද මේ? කවදාවත් නැතුව බේබි බෝයි මට බය වෙලා."

"ඒ තරමටම බේබි පුදුම වෙලාද?"

" පුදුම නොවී කොහොමද නේද? "

"විශේශයෙන්ම මේ ෆෝන් කෝල් එකේ අයිතිකාරයා මම වෙද්දි."

ටේහියුන්ගෙ රතු ගැහුන ඇස් දිහා බලන් ඔහු හිනාවෙනවා..ඒ හිනාව ටේහියුන්හ්ව මහ ගොඩක් බය කලා..අවුරුදු තුනක් තිස්සෙ ටේහියුන්හ් මිරිගුවක් පසුපස දුවලා..

ටේහියුන්ග්ට කතාකරන්න ඕනෙ කලා.නමුත් ටේහියුන්හ් ට දැනුනෙ ඔහුගෙ ඇතුලාන්තෙ සම්පුර්ණයෙන්ම හිස් රික්තකයක් බවට පත් වෙලා කියලා.ටේහියුන්ග් සතුටු වෙන්නද ඕනෙ නැත්තම් මේ වෙන දේවල් වලට බය වෙන්නද? මේ කිසිම දෙයක් ටේහියුන්හ් ට තේරුම් ගන්න බැරි වුනා..

"කොහොමද? කොහොමද එහෙම වුනේ..මේ එකම ප්‍රශ්නය විතරක් ටේහියුන්හ් ගෙ මනස තුල හොල්මන් කලා.."


"Oh my god fucking interesting ."

"ඔයා ඔයාගෙ මූන මේ වෙලාවෙ කන්නාඩියකින් බලන්නම ඕනෙ ටේහියුන්හ්  ."

"මං කිවුවේ ඒස්‍රා ..මයි ඩියර් ඒස්‍රා .."

ටේහියුන්ග් දිහා බලන් හිනාවෙන ඔහු වෙන කවුරුවත්ම නෙවෙයි.
ටේහියුන්ගෙ අදුරු ජීවිතෙ එකම බලාපොරොත්තුව..ටේහියුන්ග් අදුරු පලවාහරින්න හෙවුව ආලෝකයෙ අයිතිකාරයා .

නමුත් ඇයි?

ඇයි අද ඒ ආලෝකය අදුරක් මෙන් ටේහියුන්හ් ගෙ ඇස් වලට පෙනෙන්නෙ..අසරන මංමුලා වුන ටේහියුන්හ් අද ජන්කුක් ට විහිලුවක් වෙලා.


" ඒස්‍රාගෙයි මගෙයි සෙල්ලම වගේද උඩ ඉන්න කෙනාගෙ සෙල්ලම ඒස්‍රා.."

"It's me ඒස්‍රා .. Jeon jungkook .. "

"අවුරුදු තුනක් තිස්සෙ ඒස්‍රා කෝල් කරපු නම්බර් එකේ අයිතිකාරයා."

"මේ තරම් උවමනාවකින් ඇයි මාව හෙවුවෙ ඒස්‍රා ? කියන්න මට."

"ඔයාගෙ ඇස් ඉස්සරහම ඉද්දි ඇයි මාව හෙවුවෙ? ඒ කියන්නෙ ඒස්‍රා හෙවුවෙ මාව නෙවෙයි එහෙම නේද? "



Stolen Love Where stories live. Discover now