EP46

249 54 11
                                    

සදුදා~

සුපුරුදු විදිහටම zhan zhanනුයී යීබෝයී ක්ලාස් එකේ ඒ දෙන්නාගේ ප්ලේස් එකේ ඉදගෙන පාඩම් කර කර හිටියේ final exam එක ලග නිසා!!

"zhan zhan අපි මේ කොටස කරමුකෝ!! මන් කලිනුත් කිව්වේ මට මේ කොටස තමයී අමාරුම කියලා!!" යීබෝ එයාගේ පුටුව zhan zhanගාවට ලන් කර ගන්න ගමන් කිව්වා.

zhan zhan යීබෝ පෙන්නපු කොටස බලන්න යනවත් එක්කම chen li ඒ දෙන්නට කතා කරා!!

"Xiao zhan....Yiboo...."

ඒ එක්කම වගේ දෙන්නම ඔලුව උස්සලා බැලුවේ chen li දිහා!!

"බලන්න!!" chen li එයාගේ ෆෝන් එක පෙන්නන ගමන් අර දෙන්නට කිව්වේ ලාවට හිනා වෙන ගමන්ම!!

ඒ එක්කම වගේ දෙන්නාගේ ෆෝන් එකට එකපාරටම වගේ මැසේජ් එකක් එන සද්දේ ඇහුනා!!

යීබෝයී zhan zhanනූයී දෙන්නාට දෙන්නා දිහා එකපාරක් බලලා ෆෝන් එකට අතට ගත්තේ ආපු මැසේජ් එක බලන්න!!

"...."

"...."

එවලා තිබ්බේ ෆොටෝ ටිකක්!!

ට්‍රිප් එකේදී ගහපූ ෆොටෝ!!

ඒත් මේ එවලා තිබ්බ ෆොටෝ වල තිබ්බ විශේෂත්වය උනේ ඒ ෆොටෝ වල හිටියේ yiibooයි zhan zhan නුයී විතරක් නිසා!!

ඉස්සෙල්ලාම එවලා තිබ්බ එකේ තිබ්බේ බස් එකේදී යීබෝ zhan zhan ගේ උරහිසට ඔලුව තියන් නිදන් ඉන්න එකක්!! එයා විතරක් නෙමෙයී zhan zhanනුත් යීබෝගේ ඔලුවට ඔලුව තියන් නිදන් ඉන්න ෆොටෝ එකක්!!

දෙවනියට තිබ්බේ ඒ හතර දෙනාම කන්ද නගින වෙලාවේ chen liටයී feiyuටයී ඉස්සරහින් zhan zhanනුයී යීබෝයී යනකොට ගහපු ෆොටෝ එකක්!! ඒ ෆෝටෝ එක ඇත්තටම කිව්වොත් randomly වැදිච්ච එකක!! camera angle එකත් එක්ක ඒ ෆොටෝ එකේ ඒ දෙන්නා ඉන්නේ මූන විතරක් හරවලා මූනට මූන බලාගෙන!! යීබෝ ඉන්නේ zhan zhanගේ ඇගෙන් බාගයක් වහගෙන පිටිපස්සෙන්, එයාගේ අත zhan zhanගේ ඉන වටේ දාගෙන වගේ!! ඒ විතරක් නෙමෙයී යීබෝ කට කොනෙන් හිනා වෙන ගමන්, හිනාවෙලා ඉන්න zhan zhan දිහා බලාගෙන!!

තුන් වෙනී එක කන්ද මුදුනේදී ගහපූ එක!! යීබෝයී zhan zhanනුයී බදන් ඉන්න එකක්!! ඒ ෆොටෝ එක තමයී මාරම ලස්සන!! මොකද ඒ දෙන්නාව වටකරගෙන තිබ්බ මල් හුලග හමන දිහාට නැමීලා තිබ්බේ!! ඒ වගේම ඒ දෙන්නාගේ පැත්තකින් තිබ්බ ඒ හතර දෙනාම ඉදන් හිටිය ලොකූ ගහ!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now