EP10

489 121 52
                                    

Xiao Zhan's Pov:

මන් පන්තියට එනකොට පන්තියේ ටිචර් කෙනෙක් හිටියේ නෑ. යීබෝත් එයාගේ ප්ලේස් එකේ ඉදගෙන ඔලුව තියන් හිටියේ.මාත් හිමීට ගිහින් යිබෝගේ එහා පැත්තෙන් ඉදගත්තා.

ඇයි මේ නිදි?? ඇත්තටම තරහද?? ඉතිම් මන් මොකුත් කරේ නෑනේ.

"යීබෝ??" මන් හිමීට යීබෝගේ පැත්තට නැමිලා යීබෝගේ අතට ඇගිල්ලකින් අනින ගමන් කතාකරා.

"ම්ම්ම්??" යීබෝ ඔලුව උස්සලා බලන්නැතුවම කිව්වද.

"ඔලුව තියන් ඉන්නේ ඇයී?? ඇත්තටම දැන් ඔලුව රිදෙනවද??"

"මට නිදිමතයී, zhan zhan" යීබෝ එහේම කියන ගමන්ම මගේ පැත්තට හැරිලා මූණේ භාගයක් පේනවිදිහට තියාගෙන තාමත් ඇස් වහන් හිටියා.

"හ්ම්ම්ම්!! ඔයා නිදාගන්න. මන් ටීචර් ආවම කතාකරන්නම්" මන් එහෙම කියලාබලන් හිටියේ යීබෝගේ ඇස් දෙක දිහා.

බලන් හිටියා නෙමෙයී මට ඇස් දෙක අයින් කරගන්න හිතුන්නෑ.

ඇස් වහන් ඉද්දී යීබෝගේ ඇස් වල තියෙන්නේ මහා අමුතුම ලස්සනක්. ඇහි බැම නිසා මූණට නපුරු පෙනුමක් දුන්නාත්, ඒ නිසාමද කොහෙදෝ යීබෝගේ මූණට manly handsome පෙනුමක් හම්බෙලා තියෙන්නේ.

යීබෝගේ ඇස් පිහාටු වැඩිය දිග් නැති උනාට, ඒවත් එයාගේ ඇස් දෙකට හොදටම මැච් වෙනවා. ඒ ඇස් වලට ඇත්තටම කිව්වොත් වශී වෙනවා. දැන් ඒක තමයි මටත් වෙලා තියෙන්නේ. මාත් වශී වෙලා. මගේ ඇස් දෙක අයින් කරගන්න විදිහක් නෑ.

En!! යීබෝගේ නහයේ වම් පැත්තේ උඩ ඇහැ ගාව ලපයකුත් තියෙනවා. මන් අදමයි දැක්කේ. ඒක එච්චර ලොකු නැති නිසා වෙන්න ඇති මන් කලින් දැක්කේ නැත්තේ.

"zhan zhan, ඔයා තව කොච්චර වෙලා මන් දිහා බලන් ඉන්නද යන්නේ??" යීබෝ හිමීට ඇස් ඇරියා.

එවෙලේ තමයි මන් පියවි සිහියට ආවේ. එතකොට තමයි මන් දැනගත්තේ මන් හිටියේ යීබෝගේ මූණට ගොඩක්ම ලන් වෙලා කියලා.

මන් උඩ ගියා. යීබෝ හිටියේ මගේ ඇස් දෙක දිහා බලාගෙන. ඒ ඇස් දිලිසෙනවා. ඒ ඇස් වලින්ම මට මගේම මූණේ ප්‍රතිරූපය පෙනවා.

යීබෝගේ ඇස් වහන් ඉන්නකොට වඩා ඇස් ඇරගෙන ඉද්දී ඒවා ඊටත් වඩා ලස්සනයී. ඒවගේම දිලිසෙනවා. කොහොමද කෙනෙක්ට මේ වගේ ලස්සන ඇස් දෙකක් තියෙන්නේ?? ඒවා මාරම චාර්ම්!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now