EP27

381 90 25
                                    

Xiao Zhan's Pov:

ඒ හිටියේ කොල්ලෙක්!! එයා හිටියේ කාර් එකක් උඩ!!

ඒ කොල්ලා මේ බිල්ඩින් එක උඩ ඉදන් පහලට වැටිලා!! ඒකත් කාර් එකක් උඩට!!

ඒ වැටුන පාරට ඒ කාර් එක පහලට නැමිලා තිබ්බේ!! ඒ විතරක් නෙමෙයී ඒ කාර් එකේ ඉස්සරහා වීදුරු ස්ක්‍රීන් එක කුඩු වෙලා තිබ්බේ!!

ටික වෙලාවයි ගියේ ඒ කොල්ලා වැටිලා හිටිය විදීහට පෙරලිලා ඇවිත් එහෙම්ම ඒ කාර් එකෙන් බිමට වැටුණා!!

මට ඒ එකපාරටම උන දේ ඔලුව ඇතුලේ process කරගන්න ටිකක් වෙලා ගියා!! මොකද ඒක මාරම ශොක් එකක්!! කවුද හිතුවේ මේ වගේ නිස්කලංකව තිබ්බ තැනක එකපාරම මේ වගේ දෙයක් වෙයිද කියලා!!

මේ කොල්ලා සියදිවිහානි කරගත්තද? නැත්තම් මේක මිනිමැරුමක්වත්ද?

අනේ මන්දා!!!

මේවා හිත හිත ඉදලා වැඩක් නෑ!!

මන් ඉක්මනට දුවගෙන ගියේ ඒ කොල්ලා වැටිලා හිටිය තැනට!!

මන් එයා ලගට ලන් වෙන්න වෙන්න දැක්ක දෙයින් මගේ මුලු ඇගම පන නැතුව ගියා වගේ!!

ඒ කොල්ලාගේ අත් දෙකම පැලිලා තිබ්බේ!!!

මන් දන්නෑ එයාගේ ඔලුව හරි කොන්දටත් එහෙම වෙලාවද කියලා!! ඒත් ඒ තැන් දෙකෙන්ම ලේ ගලාගෙන ආවේ හරියට වතුර ගලාගෙන යනවා වගේ ඉක්මනින්!!

ඒ කොල්ලා හිටපු විදිහට මාරටම බය හිතෙනවා!!

ඒ එක්කම වගේ මට දැනුනා මගේ කම්මුල් දිගේ පහලට කදුලු ගලාගෙන එනවා!! ඒ දර්ශනයට මාරටම බය හිතෙනවා!!

ඒ තරම් අවුල් ඒ කොල්ලාගේ තත්ත්වේ!!

මෙයාට බේරෙන්න පුලුවන් වෙයිද??

මන් එහෙම්ම ඒ කොල්ලා ගාව බිම භාගෙට දණ ගහගත්තේ මගේ කකුල් දෙකම පන නැති නිසාම!!

ඒ වෙනකොටත් එතනට මිනිස්සු දෙතුන් දෙනෙක් ඇවිල්ලා හිටියේ!!

"ඔ-ඔයා හො-දින්න්ද??"

මන් දන්නවා ඒ කොල්ලා හොදින් නෙමෙයි කියලා ඒත් මට කිය උනා!!

"කවුරු හරි 119 කෝල් කරන්න" එතන හිටිය අන්කල් කෙනෙක් ඉක්මනටම කෑගැහුවා!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now