EP22

415 104 17
                                    

Wang Yibo's Pov:

මන් ස්කෝලෙට යද්දී ටිකක් පරක්කු වෙලා තිබ්බේ!! ගොඩක්මත් නෙමෙයි!

මන් අපේ පන්තියට යන්න පඩිපෙල නැගලා එනකොට පඩිපෙලේ කෙල්ලෝ සෙට් එකක් වට වෙලා හිටියා.මාත් ගිහින් ඒ කෙල්ලොන්ගේ උඩින් ඔලුව දාලා බලනකොට ඒ හිටපු කෙනා දැකලා මන් උඩ ගියා.

ඒ හිටියේ zhan zhan!

එයාගේ කකුල උඩ එයත් එක්ක බිම හිටිය කෙල්ලෙක්ගේ ඔලුව තියන් හිටියේ!! zhan zhanගේ ඇස් දෙක හයියෙන් තදට වැහිලා තිබ්බේ!

මොකක්ද උනේ මෙතන?? zhan zhan ඒ කෙල්ලව සනීප කරනවද?? මෙච්චර කට්ටිය ඉස්සරහා!!!

එහෙම වෙන්න දෙන්න බැ!!

මන් ඉක්මනට zhan zhan ලගට ගිහින් එයාව වැහෙන්න හිටගෙන අර කෙල්ලෝ සෙට් එක දිහා බලාගෙන,

"ඔයාලා දැන් පන්ති වලට යන්න" කියලා කිව්වා.

කියලා ටික වෙලාවකින් මෙන්න මුන් සෙට් එක ගියා කියහන්කෝ!! මන් කන්ෆියුස් උනා. මොකද කවුද හිතුවේ කියපු ගමන් යයී කියලා!!

මන් ඒ ඔක්කොම යනකම් ඉදලා zhan zhan ගාවින් බිමින් ඉදගෙන එයාව බදාගත්තා!!

zhan zhan, ඔයාගේ වේදනාව අඩු උනාද??

මන් තව ටික වෙලාවක් එයාව එහෙම්ම බදාගෙන හිටියා.

මන් අර කෙල්ලගේ බැජ් එක දිහා බලනකොට තමයි මන් දැනගත්තේ ඒ නන්ගී කෙනෙක් කියලා!!

Yang Mi / 11C

ටික වෙලාවකින් ඒ නන්ගීගේ ඇස් දෙක හිමීට ඇරුණා.ඒ එක්කම වගේ zhan zhanගේ අත් දෙකත් ඒ නන්ගිගේ ඔලුවෙන් ගැලවුනා. zhan zhan එහෙම්ම මගේ ඇගට බර උනා. මන් තාමත් හිටියේ zhan zhanව බදාගෙන.

අර නන්ගී ඔලුවත් අල්ලගෙන හිමීට නැගිට්ටා??

"නන්ගී, ඔයාට හොදයිද දැන්" මන් ඒ නන්ගිගෙන් ඇහුවා.

"ඔ-ඕඕඕ" ඒ නන්ගී මන් දිහායි zhan zhan දිහායි බලාගෙන කිව්වා.

"මෙයාට මොකද උනේ?? මේ අයියා හොදින්ද??" ඒ නන්ගී zhan zhanව පෙන්නන ගමන් ඇහුවේ ටිකක් කලබලෙන් වගේ.

"එයා ගැන ඔයා බයවෙන්න එපා! නන්ගී, ඔයාට නැගිටින්න පුලුවන්ද??"

HEALER: The One Who Can Heal Me (Completed)Onde histórias criam vida. Descubra agora