EP32

325 82 32
                                    

Xiao Zhan's Pov:

අපි දෙන්නම ඉක්මනටම වතුරෙන් එලියට ආවේ ගෙදර යන්න.

සෑහෙන්න රෑ වෙලා තිබ්බේ. මෙච්චර රෑ වෙනකම් දැනුනේවත් නෑ බොලව්!!

සීතලයිත් එක්ක!!

"Zhan zhan, ඔයාට සීතලයී වගේ නම් කැමතිද ආය පාරක් ඇග රත් කර ගන්න??" යිබෝ හිනාවෙන ගමන් මන් ආවා.

"...."

අහ්හ්!! එහෙමද ආස!!

මන් මොකුත් කියන්නැතුව ඉක්මනට ශර්ට් එකේන් ලාවට ඇග පිහිදගෙන ඒක ඉක්මනටම ඇදගත්තා.

හත්තික්කෙ!!! සීතලයී බොලව්ව්!!

"ඉක්මනට යන්!!!!!"

එවෙලෙව් කලුවර උනාට හද එලිය නිසා ටිකක් විතර එලිය තිබ්බා.

ඒත්..........

"යීබෝ....."

"ම්ම්?"

"අපි දැන් යන්න ඕනිත් අර පාලමෙන්ද??"

"ඕඕඕඕඕ"

මොනවා!!???????

අනේ මට නම් බෑ!!!

"මන් එන්නෑ එහෙනම්!!"

"බය වෙන්න එපා zhan zhan!! මන් ඉන්නවානේ!!"

අනෙ මෙ, මොන කිව්වත් මන් එන්නෑ!!

නිකම් ඉන්න!!

ඉස්සෙල්ලා හාර්ට් ඇටෑක් හැදුන්නෑ මදැයි මට!!

බුදම්මෝ!!

ඒකත් දැන් රෑ වෙලා!!

හත්තික්කෙ!!!!

"බය වෙන්න එපා!! එන්න යන්!!" යිබෝ මගේ අතෙන් අල්ලගෙන මාවත් ඇදගෙන ඉස්සරහට ගියා.

"අනේ මට බෑ......යීබෝ!!! "

"එන්නකෝ!!" මම් බෑ බෑ කිය කිය යන්න කැමති නිසාම යීබෝ එකපාරටම මාව කරකවලා ඇරන් එයාගේ කරට නන්ග ගත්තා.

"Zhan zhan, හයියෙන් අල්ලගන්න!! අපි පියාඹන්න යන්නෙ!!" යිබො හිනාවෙන ගමන් මාවත් තව ටිකක් හරියට වඩාගත්තා.

"...."

යීබෝ මාවත් කරේ තියාගෙන ගියේ අපි ආපු පාරෙන් නෙමෙයි වෙන පාරකින්!!

මේ කොහෙද මෙ යන්නේ??

කොහේ එක්කන් යනවද මන්දා! මන් දන්නෙත් නෑ!!

HEALER: The One Who Can Heal Me (Completed)Onde histórias criam vida. Descubra agora