EP08

535 133 43
                                    

Xiao Zhan's Pov:

මන් උදෙන්ම නැගිටලා ඉක්මනට ලෑස්ති උනා ස්කෝලේ යන්න.

අද කලින් ගිහින් xuගෙන් සමාව ගත්තානම් හරී. යීබෝ එන්න කලින් ඔක්කොම ශේප් කරගත්තානම් ඔක්කොම හරියයී.

මන් කාමරෙන් එලියට යනවාත් එක්කම මට මතක් උනා යීබෝගේ ජැකට් එක දෙන්න ඕනී නේද කියලා.

මන් ඉක්මනට ආපහු අල්මාරිය ගාවට ඇවිත් ඇතුලේ හොදට හෝදලා නමලා තිබ්බ යීබෝගේ ජැකට් එක පරිස්සමට බෑග් එකකට දාගෙන කාමරෙන් එලියට ආවා.

"ආච්චි, මන් යනවෝ"

"හරි පුතේ!! පරිස්සමින් යන්න. බුදුසරණයි" මන් ආච්චිට වැදලා ගෙදරින් එලියට ආවා.

අපේ ගෙදර ඉදන් බස් ස්ටොප් එක වෙනකම් ටික දුරක් පයින් යන්න තියෙනවා.ගෙදරින් කලින් ආපු නිසා මන් හිමීට ගියෙත්.

"ඇත්තටම කවුද මේ ආරක්ශක දෙවියෝ??"

එදා මාව බේරගත්තේ කවුරු වෙන්න පුලුවන්ද?? හොස්පිටල් එකට ගිහින් ඇහුවොත් කියයිද?? ayiyooooo!!!

Eh??? එතකොට මට එදා සිහිය නැති උන වෙලේ මන් දැක්ක කෙනාද එතකොට ආරක්ශක දෙවියෝ?? ඒත් මන් එයාගේ මූණ දැක්කේ නෑනේ!! කොහොමද මන් එයාව අදුරගන්නේ??

මන් ඒ ගැන හිත හිත යනකොට මට එකපාරටම සද්දයක් ඇහුණා. මට ටිකක් දුරින්. මන් ඉක්මනට ඒ පැත්තට දුවගෙන ගියා.

"ආව්ව්ව්ව්!!! රෙදෙනවා!!! රෙදෙනවා!!! ගොඩක්ම රෙදෙනවා!! අම්මේ!!! මට රෙදෙනවා!!" මන් ඒ පැත්තට යනකොට චූටි බබෙක් පාරේ බිම ඉදගෙන අඩනවා. වයස අවුරුදු පහක හයක වගේ චුටී බබෙක්. එයාගේ අම්මා එයා ලග හිටියෙත් නෑ

මන් ඉක්මනට ඒ පැත්තට දුවගෙන ගියා. එතකොට තමයි මන් දැක්කේ ඒ අපේ ගෙවල් ලග ලමයෙක් කියලා.

"බබෝ, මොනාද උනේ ඔයාට? කොහෙද රෙදෙන්නේ? ඔයාගේ අම්මා කෝ?" මගේ කටහඩ ඇහෙනවත් එක්කම ඒ බබා මන් දිහා ඔලුව උස්සලා බැලුවා. එතකොට තමයී දැක්කේ ඒ බබා හොදටම අඩලා කියලා.

"අනේ zhange මගේ බඩ රෙදෙනවානේ!! ගොඩක්ම!! අම්මා ගියා බෑග් එක ඇරන් එන්න. මාව හොස්පිටල් එක්කන් යන්න." ඒ බබා අත් දෙකෙන්ම බඩ බදාගෙන කෑගැහුවා.

HEALER: The One Who Can Heal Me (Completed)Onde histórias criam vida. Descubra agora