Xiao Zhan's Pov:
Exam Day!
"ආච්චී මන් යනෝ" මන් ආච්චිට වැදලා ගෙදරින් එලියට බැස්සා.
"පරිස්සමින් ගිහින් එන්න පුතේ!! විභාගේ හොදට කරන්න!!"
"හරේ!! මන් යනෝ"
මන් බස් හෝල්ඩ් එකට යනකන් කල්පනා කරේ ඊයේ උන සීන් එක ගැන!!
අනේ මට තාම තේරෙන්නේ නෑ!
කොහොමද මාව ඒ ඉක්මනට සනීප වෙන්නේ??
ඒකත් මේ ලගකදී ඉදලත් නෙමෙයී!! දැන් ටිකක් කල් ඉදන් තමයි මේ ඔක්කොම උනේ!!
මන් විදපු ගොඩක්ම වේදනාවල් වලදී ඒ සැනසීම ඒ හැම පාරම මට දැනුනා! මාව ඒ හැම පාරම මට සනීප උනා!
ඒත් ඒ කොහොමද?
ආච්චි කිව්වේ ඒ දේ කරන්න පුලුවන් ආරක්ශක දෙවියෝ ඉපදිලා හිටියොත් එයාගේ මනුස්ස ආත්මෙට කියලා විතරයිනේ!!
ආච්චි කිව්වා වගේ වගේ එදා මාව හොස්පිටල් එකේදී මාව සනීප කරෙත් එයා තමයි! ආරක්ශක දෙවියන්ගේ මනුස්ස ආත්මේ!
ඒත් ඒ කවුද??
මට අමාරු උන හැමවේලේකම වගේ මට ඒ සැනසීම දැනුනා!!
ඒ කියන්නේ ඒ හැම වෙලේකම එයා මන් ගාව හිටියා කියන එකනේ!!
ඒත් ඒ කවුද??
මට ඒ හැමවෙලේම ඒ වගේ වෙලාවට සිහිය නැති වෙනවා!!සැක්! ඊටපස්සේ දකින්නෙත් හීනයක්!! ඒකේ ඉන්න ආරක්ශක දෙවියොත් මට තාම හරියට පේන්නෙත් නෑ!! එයාගේ ඇස් දෙක විතරයී පේන්නෙත්!!
ඒත් වැඩේ කියන්නේ!
ඒ ඇස් මට දැකලා පුරුදුයී හොදට!!
"අහ්හ්!"
මන් ඒ එක්කම වගේ මොකක හරි ගිහින් හැප්පුණා!!
මේ මොකක්ද මේ?
මන් ඔලුව උස්සලා බලනකොට ඒ හිටියේ යිබෝ!
"zhan zhan, මොනාද ඔච්චර කල්පනා කරන්නේ?? ඉස්සරහා තියෙන දේවත් හරියට පේන්නේනැතිවෙන්න!! මන් ඇවිල්ලා නැවැත්තුවේ නැත්තම් ඔයා මේ කණුවේ හැප්පිලා අද විභාගෙට ලියන්න තිබ්බ පාඩම් කරපු හැමදේම අමතක වෙන්න තිබ්බා!!"
YOU ARE READING
HEALER: The One Who Can Heal Me (Completed)
RomanceYiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා කියලා." "Maybe i'll see you in another life if this one wasn't enough一♡. "