EP05

520 129 37
                                    

Wang Yibo's Pov:

"පුතේ, දැන් තේරෙනව නේද ඇයි මන් කිව්වේ ඒ ලමයා තමයී මාව බේරගත්තේ කියලා. ඒ ලමයාට මන් මගේ ජීවිත කාලේම ණයගැතියී.මටත් එයාට උදව්වක් කරන්න පුලුවන් උනානම්." අම්මා එහෙම කියද්දී මන් අම්මාගේ දිලිසෙන ඇස් දිහා බලන් හිටියේ හරිම ආසාවෙන්.

මොනා උනත් ඒ කොල්ලට ගොඩක් පිං.

"ඒත් අම්මේ මන් කොහොමද දැනගන්නේ මට 'සනසවන්නා' දෙවියන්ව සනිප කරන්න පුලුවන් කියලා??" මට ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්.ඒ නිසාම මන් අම්මාගෙන් ඇහුවා.

"ම්ම්ම්ම්~ ඇත්තටම පුතේ, ඒක අමාරු ප්‍රශ්නයක්!! ඒත් අපේ තාත්තා කියන විදිහට නම් ආරක්ශක දෙවියන්ට බෑ 'සනසවන්නා' දෙවියන්ගේ වේදනාව බලාගෙන ඉන්න. ඒක තමයි ආරක්ශක දෙවියන්ට තියෙන ලොකුම දුර්වලතාවය.කාටහරි ඔයාව පරද්දන්න ඕනි නම් හරි රිද්දන්න ඕනි නම් හරි කරන්න තියෙන එකම දේ තමයී ඒ දෙවියන්ට කරදර කරන එක හරි, රිද්දන එක හරී. ඒ වගේම තමයි ආරක්ශක දෙවියන්ගේ පොරොන්දුව විහිලුවක් නෙමෙයී.ඒ පොරොන්දුව මාර බලවත්."

අම්මා එහෙම කිව්වාත්, අනේ මන්දා ඉතිම්ම්ම්. මට එයාව හම්බුණාව දැනෙයිනේ.එතකම් ඉමු.

"අම්මේ,ඔයාගේ ටිකට් කපන්නේ කවද්ද??"

"මට හොද නිසා,අද ගෙදර යන්න පුලුවන්ලූ!"

හෑ???????

"අදම?? අම්මා බොරු කියන්න එපා. අදම කොහොමද ගෙදර යන්නේ??" මට මාරම පුදුමයී.මේ දැන් ටිකකට කලින්නේ සර්ජරි එකත් ඉවර කරේ.

"ඔයාගේ අම්මාට හෙට උදේට ගෙදර යන්න පුලුවන්. අද අපිට තව test වගයක් කරන්න තියෙනවා. අම්මා ඉක්මනට සනීප උනා." ඩොක්ටර් පිටිපස්සෙ ඇවිත් අම්මාගේ ඇද ඉස්සරහා හිටගන්න ගමන් කිව්වා.

"ඇත්තටම අම්මාට දැන් හොදටම හොදයිද ඩොක්ටර්??" මන් ඩොක්ටර් දිහා හැරිලා ඇහුවා, ඇයි යකෝ මේවා අදහන්නට් බැරි දේවල්නේ.

"ඔව්ව්.patient ඉක්මනට සනීප වෙන කෙනෙක්. ඔයාගේ අම්මාට කිසිම අවශ්‍යතාවයක් නෑ තවත් මෙහේ ඉන්න. හෙට ටිකට් කපන්න පුලුවන්."

"තැ-තැන්ක්‍යු ඩොක්ටර්" අනේ මන්දා මේ මොනාද මේ වෙන්නේ??

"හැබැයි හැම සතියකම ඔයාලා වෙන් කරගත්ත එක දවසක හොස්පිටල් එන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි දෙන බෙහෙත් හරි පිළිවෙලට හරි වෙලාවට බොන්න ඕනී."

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now