EP01

950 144 53
                                    

Xiao Zhan's Pov:

"ඕයී!!!! මෝඩ xiao xiao!!!!" xu එකපාරටම මගේ ඩෙස් එකගාවට ඇවිත් කෑගැහුවා.

මට මෝඩ xiao xiao කියලා කතාකරාට මන් තමයි පන්තියේ පලවෙනියා.

XU කියන්නේ අපේ පන්තියේ සිංහයා!!ඇත්ත සිංහයෙක් නෙමෙයි,එයාලම තමයි ඒ නම දාගෙන තියෙන්නේ.එයා තමයි අපේ පන්තියේ රජ්ජුරුවෝ!!! එයා කියන විදිහට තමයි අපි හැමෝම ඉන්නත් ඕනී.හැමෝම කිව්වට එයාගේ ගොඩක් වැඩවලට කඩේ යන්න වෙන්නේ මට තමයී.මට බෑ කියලා කියන්නත් බෑ ඉතිම්,බෑ කිව්වත් ගුටි කන්න තමයි වෙන්නේ..මොකද xu ගේ වචනෙට පිටින් යන්න තරම් හයියක් තියෙන කෙනෙක් අපේ පන්තියේ හිටියේ නෑ.

ඉතිම් මන් කවුද??

"ඕ-ඕඕ, Xu කියන්න!!" මන් ඉක්මනට නැගිටලා ඔලුව පහත් කරගෙන ඇහුවා.

"මට අද වැඩකට යන්න තියෙනවා!! ඒ නිසා තමුසේ අද පන්තිය අතු ගාල යන්න"

අද??? අදනම් බෑ!!! මට අද කලින් ගෙදර යන්නම ඕනී..අද අම්මාගෙයී තාත්තාගෙයී මරණ සංවත්සරය.....

"අ-අනේ xuu, මට ස-සමාවෙන්නා!!! අදනම් බෑ...මට අද ගෙදර කලින් යන්නම ඕනී!! වෙන කෙනෙක්ට කියන්න බැරි වෙයිද??" මන් හිතට හයියක් ඇරගෙන මාර අමාරුවෙන් කිව්වා.

"මොකක්ද තමුසේ කිව්වේ???වෙන කෙනෙක්ට කියන්න??? " xu මගේ කොලර් එකේන් අල්ලලා මගේ කනට පාරක් ගැහුවා.

අහ්හ්හ්හ්ව්ව්ව්ව්ව්ව්!!!!!!!!!!!!!!

මන් මගේ කම්මුලත් අල්ලගෙන එහෙම්ම පුටුවකුත් පෙල්ලගෙන බිමට වැටුණා.

"ඇයි උබට මොකක්ද අද විශේශේ,අහ්හ්හ්??" xu මගේ ලගට ඇවිත් ආපහු මගේ කොලර් එකෙන් ඇදලා ඇරන් ඉස්සුවා මාව.

අනේ මට ගහන්න එපා!!!මටත් රෙදෙනවා!!

xu ගහපු පාරට මගේ තොලත් පැලිලා තිබ්බේ.

"අ-අද අපේ අම්මාගෙයී,තාත්තාගෙයී මරණ සංවත්සරය" මන් හිමීට ඇහෙන නෑහෙන ගානට ඔලුව පහත් කරගෙන කිව්වා.

මගේ ඇස් වලින් කදුලූ බේරේනවා.අනේ කවුරු හරි මාව බේරගන්නකෝ!!!

"මැරුන එවුන්ට මැරුණ විදිහට ඉන්න දීපන්!!! ආය මගුලක් තියන්වා!" xu යී එයාගේ යාලුවෝ දෙන්නායී හිනාවෙන ගමන් කිව්වා.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now