EP20

380 88 28
                                    

Wang Yibo's Pov:

මන් වොශ් එකක් දාගෙන එලියට ඇවිත් වෙලාව බලනකොට වෙලාව දහය හමාරයී!!

"මෙච්චර වෙලා ගියාද??"

අම්මා කතාකරේ නැත්තම් මන් හීනේ දැක දැක දොලහා වෙනකම් වත් නිදාගන්නවානේ!!

කෑවා වැඩේ!!

සැක්!!

මන් දොරත් ඇරගෙන එලියට ගියේ අම්මා කුස්සියේ ඉදන් කෑගහන හින්දම!!

"පස්ස පැත්තට එලිය වැටෙනකම් නිදාගත්තම හරිද?? අහ්හ්?? විභාගේ ලගයිනම් ඔහොම ඉදලා හරියනවද??"

"කතා කරන්න එපා මට! මන් අම්මා එක්ක තරහයි!" මන් එහෙම කියන ගමන් කෝප්පෙට වතුර එකක් පුරවගන්න ගමන් අනිත් පැත්ත හැරිලා කිව්වා.

"ඒ මොකද ඒ??"

"නිකම්! මන් යනවා පාඩම් කරන්න" මන් එහෙම කියලා කාමරේට ගියේ පාඩම් කරන්න.

"AYIYAA!! මගුලේ විභාගේ" මන් තවත් පැය තුනක් විතර ඇරගෙන පේපර් කරන්න පටන් ගත්තා!

මන් ආසම නැති විශය තමයි විද්‍යාව!! ඊයා ජරාව!! මට පෙන්නන්න බෑ!! -_-

ඒ වගේම තමයි මන් දුර්වලම විද්‍යාවට! ඒ නිසාම මට ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා හැම විභාගයකදීම. අනිත් විශයන් නම් ඉතිම් මට කොමඩු කනවා වගේ.

මන් ආසම Maths වලටයි English වලටයී. ඒ දෙක හොදයි අප්පා!! ඒ දෙක එක්ක බලද්දී විද්‍යාවට පයින් එකක් දෙන්න හිතෙනවා. ඒ කියලා ඉතිම් ඒ මගුල ෆේල් වෙන්නත් බෑනේ!! හැමදේටම විද්‍යාව කොහෙන් හරි ගෑවිලානේ තියෙන්නේ!!

ඉතිම් ඒ නිසාම මන් model papers ටිකක් ඇරන් ඒවගේ ප්‍රශ්න වලට උත්තරලියන්න පටන් ගත්තා.

මන් ඒවාගෙන් ප්‍රශ්න තුනක් විතර කරලා ඉවර උනාට පස්සේ එපාම උනා.

"අහ්හ්හ්හ්!!! මේ මගුලේ විද්‍යාවක් නිසා මන් කොයිවෙලේ හරි ප්‍රසාරණය වෙලා පුපුරලා යනවා!!"

මන් මේසේ උඩ ඔලුවත් ගහගෙන ටිකක් වෙලා ඇස් පියාගෙන හිටියා!

"zhan zhan, මොනා කරනවද දන්නෑ"

"කෝල් එකක් ඇරන් බලමුකෝ" මන් ඔලුව උස්සලා මේසේ පැත්තක තිබ්බ ෆෝන් එක ඇරන් zhan zhanට කෝල් එකක් ගත්තා.

HEALER: The One Who Can Heal Me (Completed)Waar verhalen tot leven komen. Ontdek het nu