"පුතේ, නැගිටින්න ස්කෝලේ යන්න!!" ආච්චි උදෙන්ම ඇවිත් මට කතා කරා.
අහ්හ්හ්හ්හ්හ්!!!!!! සදුදා කියන්නේ මහා එපා කරපු දවසක්!! සැක්ක්ක්!! සදුදා = ස්කෝලේ!!!
අයියෝ!! xu එදා පලිය අදත් ගනිද දන්නෑ. දැන් නම් ස්කෝලේ යන එකත් එපා වෙලා තියෙන්නේ මට නම් -_-
ස්කෝලේ පටන් ගන්න බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා මන් ස්කෝලෙට ගියා.මන් පරක්කු උනේ හිතලම. නැත්තම් අදත් උදෙන්ම ගුටි කන්න තමයි වෙන්නේ.
මට හිමීට ක්ලාස් එකේ දොර ඇරගෙන ඇතුලට ගිහින් මගේ සුපුරුදු ප්ලේස් එකේ ඉදගත්තා.
මගේ සුපුරුදු ප්ලේස් එක තියෙන්නේ අන්තිම පේලියේ පන්තියේ මුල්ලෙම ජනේලයක් ගාව.මාර ප්ලේස් එක එතන නම්!!මන් මාරම ආසයී.
මන් ඉදගෙන වටපිට බැලුවේ කවුරු හරි මාව දැක්කද කියලා.ඒ කියලා ඉතිම් කවුරු දකින්නද?? එයාලට මන් හිටියත් එකයි, නැතත් එකයී.
මන් හිමීට xu ඉන්න මේසේ පැත්ත බැලුවා.බෑග් එක නම් තියෙනවා හැබැයි ඌ නම් නෑ.
හොද වෙලාවට..
ටික වෙලාවක් ගියාට පස්සේ අපේ පන්ති භාර ටිචර් ක්ලාස් එකට ආවා. ඒ එක්කම වගේ පන්තියේ පිටිපස්සේ දොර ඇරගෙන xuයි උගේ යාලුවො දෙන්නයී දුවගෙන ඇවිත් ඉදගත්තා.
"ළමයී, ඔක්කොම ඉදගන්න. නම් මාර්ක් කරන්න තියෙනවා" ටිචර් එහෙම කියලා නම් ලකුණු කරන්න පටන් ගත්තා.
මගේ නම් තිබ්බේ 13 වෙනියට.අනිත් දොලොස් දෙනාගෙම නම් කියලා ඉවර උනා.
ඊලගට මන්!!
"Xiao Zhan" ටිචර් මගේ නම කතා කරා.
"ඉන්නවා ටිචර්" මන් හිමීට අත උස්සලා කිව්වා. ඒත් එක්කම xu මගේ පැත්ත හැරිලා බැලුවා.
ඌ මට කට කොනින් හිනාවෙලා 'පස්සේ හම්බවෙමු' කිව්වා.
හරිනේ!! අදත් උදෙන්ම ගුටි කන්න වෙනවා!! අනෙ ඇයි අනේ මටම!!
ටිචර් ඔක්කොම ලමයිගේ නම් ටික කියලා පොත වහලා ආපහු පන්තිය දිහා බැලුවා.
"ලමායී, මේ අහන්න. අද අපේ පන්තියට අලුතෙන් ලමයෙක් එනවා.එයාටත් හොදට සලකන්න"
YOU ARE READING
HEALER: The One Who Can Heal Me (Completed)
RomanceYiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා කියලා." "Maybe i'll see you in another life if this one wasn't enough一♡. "