EP16

432 103 33
                                    

Xiao Zhan's Pov:

මට ඇහැරුනත් මට මගේ ඇස් දෙක ඇරගන්න ටිකක් අමාරු උනා. ඒ නිසාම මන් ටික වෙලාවක් ඇස් දෙක වහාගෙනම හිටියා ඉතිම් වෙන මොනා කියලත් කරන්න ඇගට පණ නෑ වගේ නිසා.

මන් ඇස් වහන් ඉද්දිම මට දැනුනා මගේ එක අතක් කවුරු හරි අල්ලන් ඉන්නවා. ඒක මාරම උණුසුම් වගේම ලොකු අතක්.

කවුද මේ???

ආච්චිවත්ද???

මන් ඇස් දෙක වහාගෙනම කල්පනා කර කර ඉද්දී තමයි මට මතක් උනේ ආච්චි ගැන.

ආච්චී!!!!

ආච්චිට දැන් හොදයිද දන්නෑ???

ඒ එක්කම මගේ ඇස් දෙක එකපාරටම ඇරිලා මාව ඇදේ කෙලින් උනා.

"ආච්චී!!!!" මගේ කටෙන් පිටවුනේ එච්චරයී. මන් එහෙම්ම ඇදෙන් බැහැලා ආච්චි හ්‍යන් යන්න යද්දිම වගේ තමයි මන් දැක්කේ මගේ ඇද ගාව මගේ අතත් අල්ලන් හිටපු කෙනව.

0_0

"යීබෝ~~?" මගේ අත අල්ලන් හිටියේ යීබෝ. එතකොට කෝ ආච්චී??

"zhan zhan, ඔයා ඇහැරුණාද?"

යීබෝ අහපු විදිහට මන් උඩ ගියා. මොකද එයාගේ කටහඩ ගොඩක් ගොරොසුයි වගේම බැරැන්ඩි වෙලා තිබ්බේ. වෙනදට කතාකරන විදිහ නෙමෙයී.

ඇයි මේ???

"ඔයාට දැන් හොදයිද???" යීබෝ ආපහු පාරක් ඇහුවා.

"අ-අහ්~ අහ්~ ඔව්ව්" මන් හිමීට කිව්වා.

මන් ඒ එක්කම බැලුවේ යීබෝගේ ඇස් දෙක දිහා.

ඒ ඇස් දෙක රතු වෙලා තිබ්බේ.ඒ වගේම කදුලු පිරිලා. ඒත් ඒවා ඇස් දෙකෙන් එලියට එන්න දෙන්නේ නැතුව නවත්තන් ඉන්නවා වගේ.

ඇයිද මන්දා මට මාරම පුදුමයී.

ආච්චිව සනීප කරාට පස්සේ මට මොනාද උනේ?? ඒත් ආච්චි කෝ?? ඇයි යීබෝ මෙතන ඉන්නේ??

ඇයි යීබෝගේ ඇස් රතු වෙලා??

මට සිහිය නැති උනාට පස්සේ....

මොකද උනේ??

!!!!!

මන් තාමත් බලන් ඉන්නේ යීබෝගේ ඇස් දෙක දිහා.

අහ්හ්!!

අර කෙනා ඇඩුවා!! ඔව්ව්!!! ආරක්ශක දෙවියෝ ගොඩක්ම ඇඩුවා මාව බදාගෙන!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now