Chen li පිස්සුවෙන් හිනාවෙනගමන් කිව්වේ fei yu දිහා බලාගෙන.

"මොකක්ද ඕයී ඕකේ ඔච්‍චරම කියුට්?? කොල්ලෝ දෙන්නෙක් එකට හිටියා කියලා මොකක්ද කියුට් කියන්නේ??"

Fei yu ඇහුවේ ටිකක් පුදුමෙන් වගේ!!

"අපෝ!! Fei yu, තමුසෙගේ පොඩ්ඩක් homophobic ගතියකුත් තියෙනවානේ!!"

Chen li, fei yuගේ අතට ගැහුවේ ඔරවගෙන.

"එහෙම නෙමෙයි මන් කියන්නේ!! මට ඒක අවුලක් නෑ homosexual අය හිටියා කියලා!! මන් දන්නවා ඒක ස්වාභාවිකයී කියලා!! ඒත් මට තේරෙන්නැත්තේ මොකක්ද ඉතිම් ඒකේ තියෙන කියුට් කියලා!!"

"ඔව් ඉතිම්!! අන් රෝමාතික ඔයා කොහොමද ඕවා දන්නේ!!" Chen li එහෙම කියලා ටිකකට නැවැත්තුවා!!

"මෙහෙමයී! හැම ආදරයකටම, නැත්තම් හැම බැදීමකටම වගේ ඒකට ආවේණික ලස්සනක් තියෙනවා!! එහෙම නැත්තම් රොමෑන්ටික් කියලා කියන්නත් පුලුවන් කියුට් කියන්නත් පුලුවන්!!"

"ඒකත් ඉතිම් කවුරු හරී ඒ බැදීම දකින ආකාරේ අනුව තමයී!!එක එක්කෙනාට වෙනස්!! ඉතිම් මන් දැන් දැක්ක දේ අනුව ඒක කියුට්!! ඒකෙන් කියන්නෑ මන් රොමෑන්ටික් දේවල් දකින්නෑ කියලා!!"

"කියුට් හරි රොමෑන්ටික් හරී ලස්සන හරි කැත හරී, ඒක වෙනස් වෙනවා දකින කෙනා අනුව!!"

" උදාහරණයක් විදිහට, දැන් මන් ඔයාග්‍රෙ අත මෙහෙම බදාගෙන මගේ ඔලුව ඔයාගේ උරහිසෙන් තියාගෙන ඉන්නවා කවුරිහරි දැක්කොත් එයාට ඒක රොමෑන්ටික් වෙන්නත් පුලුවන් කියුට් වෙන්නත් පුලුවන්!! එහෙමත් නැත්තම් කවුරු හරි සිංගල් පරානයක් අපි දෙන්නා මෙහෙම ඉන්නවා දැක්කොත් අපිට බනින්නත් පුලුවන්!! එහෙම තමයී ඉතිම්!!  බැදීම දකින කෙනා අනුව වෙනස් වෙනවා!!"

chen li කිව්වේ feiyu ගේ උරහිසේ ඔලුව තියන් ඉන්න ගමන්ම.

"ඔයාට මන් දැක්කා වගේ මේ දෙන්නා කියුට් කියල පේන්න නැත්තේ ඔයාට ඒ ගැන කිසිම අදහසක් නැති නිසා වෙන්න ඇති!! එහෙමත් නැත්තම් තනිකට heterosexual නිසා වෙන්න ඇති!! නැත්තම් homophobicයෙක් නිසාවත්ද? ඉව්ව්ව්!! මන් නම් කියන්නේ homophobic වෙන්න එපා කියලා!! Be open minded!! Okay!! Do u understand??"

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now