ට්ස්ක්.....අඩන්න ඕනෙද? ...

විල්සන් දිහා බලන් ජන්කුක් තමන්ටම මුමුන ගත්තා...



දොස්තර මහත්තයාව හොයාගන්න නැහැ විල්සන් අජුස්සි..

ටිකකට කලින් ජන්කුක්ගෙ ඇගේ වැදෙමින් එලියට දිවුව කොල්ලා හති දාගෙන ආයෙමත් ටේහියුන්ග් ගෙ කාමරය තුලට දුවන් ආවා...

වත්ත පහල බැලුවද කොලුවො?

හැමතැනම බැලුවා අජුස්සි....

එහෙනම් ඉක්මන් කරනවා...ලොකු දොස්තර මහත්තයට කෝල් කරනවා...වාහනයක් ලෑස්ති කරනවා මහත්තයව එක්කන් එන්න යන්න..ඉක්මන් කරනවා...කෝ සයිමන්..ඕනෙ වෙලාවට මේ ගෙදර මිනිස්සු එකෙක්වත් නැහැ.



ගිරිය කඩන් කෑගහන විල්සන් දිහා ත් කොල්ලා දිහාත් ජන්කුක් මාරුවෙන් මාරුවට බැලුවා..

පස්සෙ එහෙම බලන් ඉන්න කම්මැලි හිතුන ජන්කුක් බ්ලැන්කට් වලින් පොරවලත් තවම ගැහෙන ටේහියුන්ග් දිහා බලන් හිටියා...


ටවුන් එකටම ගිහින් ඩොක්‍ටර් කෙනෙක් එක්කන් එන්න ගියොත්

ජන්කුක් අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා..ඇගිලි නවමින් මොනවදෝ ගනන් කලා. 


මෙයා වෙවුලලම මැරිලා යයි.......


තොල් පවා නිල් පැහැයට හැරිලා තියන ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් කිසි ගනනක් නැතුව කියලා දැන්මේ ටේහියුන්ග් ගෙ අත් උනුසුම් කරන්න උත්සහ කරන විල්සන් ගෙ කටින් වේදනාත්මක හැඩිල්ලක් පිටවෙද්දි..



මමයි මමයි හැමදේම කලේ..මට නොකියා ඉන්න තිබුනේ...ඇයි ඇයි මම කිවුවේ....


පපුවට ගගහා එක පාරටම අඩන්න ගත්ත විල්සන් දිහා ජන්කුක් වට් ද ෆක් ලුක් එකෙන් බැලුවේ ඔහු වටා සිද්ද වෙන සිදුවීම් ඇත්තටම ජන්කුක් බලපු ෆිල්ම් එකක් ඔහුට මතක් කරවපු නිසා...



ටූ මච් ඩ්‍රාමා .....මට නිදිමතයි...


ටේහියුන්ග් දිහා බලන් හිටිය ජන්කුක් යන්න හැරුනා..


පොඩි බේබි....අනේ පොඩි බේබි.....පොඩි බේබිට පුලුවන්..


යන්න හැරුන ජන්කුක් ගෙ අතේ එල්ලුන විල්සන් ජන්කුක් ගෙ අතින් ඇද ඇද ඉල්ලීම් කරන්න ගත්තා..


Stolen Love Where stories live. Discover now