"බොස් බලන් ඉන්නවා..අපි යන්න ඕනෙ පුංචි බේබි...එහෙම නැති වුනොත්..."


"එහෙම නැතිවුනොත්? හ්ම්ම්ම් එහෙම නැතිවුනොත් මොකද වෙන්නෙ ලිට්ල් කැට්.."
"මට කියන්න ලිට්ල් කැට්ගෙ බොස් ගෙ නීති මම පිලිනොපැදදොත් මොක්ද වෙන්නෙ ලිට්ල් කැට්?"


"මටත් වඩා හොදට පුංචි බේබි ඒ ගැන දන්නවා..."



හිස් හැගීමකින් ජිමින්ට උත්තර දුන්න යුන්ගි ජිමින්ගෙ ඇස් දිහා බලන් හිටියා...මොහොතකට වේදනාවෙන් පිරිලා ගිය ඒ ඇස් ඊලග තත්පරයෙම ආයෙමත් යුන්ගි දිහා බලන් හිනාවෙනවා..



බලාපොරොත්තු නොවුන වේගයෙන් කවුන්ටර් එක දිහාවට ඇදිලා ආපු යුන්ගිගෙ ඔලුවත් ජිමින්ගෙ ඉරියවුව්වෙන් කවුන්ටර් එක උඩට පහත් වුනා....


"ශුප්.හෙලවෙන්න එපා... ඔහොමම ඉන්න...ඔහොම මං දිහා බලන් ඉන්න...එතකොට කාටවත් ඇහෙන් නැති වෙන්න අපි දෙන්නට රහස් කතාකරන්න පුලුවන්..."


‍ යුන්ගිගෙ නලලෙ රැදුන කෙහෙරැලි ඇගිලි තුඩු වලින් එහෙට මෙහෙට කරපු ජිමින්ගෙ ඇගිල්ලක් යුන්ගිගෙ කම්මුල දිගේ පහලට ඇවිත් යුන්ගිගෙ තොල් උඩ නතර වුනා..


"මින් යුන්ගි ....."


යුන්ගි බලන් ඉද්දිම හිනාවෙන් පිරිලා තිබුන ජිමින්ගෙ මූනෙ හිනාව අතුරුදහන් වෙලා ගියා..

"මින් යුන්ගි ලෑස්තිද මට පරදින්න?"

ජිමින්ගෙ මත් බවින් පිරි කටහඩ ගැබුරු කටහඩකට වෙනස් වුනේ ඕනෙවට එපාවට ජිමින් දිහා බලන් හිටිය යුන්ගි මේ වතාවෙ ඕන කමින් ජිමින් දිහා බලද්දි...


යුන්ගිගෙ වෙනස් වුන මුහුන දිහා තියුනු ඇස් වලින් බලන් හිටිය ජිමින් එක පාරම මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ මොහොතකට කලින් ත් එක්ක කතාකරපු පුංචි බේබිමද මේ කියලා යුන්ගි ට හිතාගන්න බැරි වෙද්දි..


යුන්ගි දිහා බලාගෙන හිනාවුන ජිමින් යුන්ගි ගෙ ශර්ට් එකෙන් ඇද්දා...පුංචිම ඉරියවුව්වක්දත් වෙනස් නොවෙන මූන දිහා බලාගෙන හිටිය ජිමින් ඒ වේගෙන්ම ආපහු යුන්ගිව පස්සට තල්ලු කලා..

Stolen Love Where stories live. Discover now