"කම් ටු ඩැඩී මයි විස්කි බේබි. ඩැඩී ඊස් වෙයිටින්ග්"

යුන්ගිගෙ අත ගසලා දැන්ම ජිමින් යුන්ගි බොන්න නොදී නතර කරපු විස්කි වීදුරුවත් හිනාවෙවී හිස් කලා....

"ඇයි ඔයාලා මට බාදා කරන්නෙ...මම තවම පටන් ගත්තා විතරයිනෙ. " මම බොන්න පටන් ගත්තා විතරයි "

"අනිත් එක මම තවදුරටත් අප්පගෙ අතින් පාලනය වෙන පොඩි එකෙක් නෙවෙයි...අඩුම තරමෙ මට එහෙම හිතන්නවත් දෙන්න ලිට්ල් කැට්....මේ මත් බව එහෙම හිතන්න මට උදවු කරනවා...ඇත්තටම මට එහෙම බැරි වුනත් මට එහෙම හිතන්නවත් ඔයා මට අවස්තාවක් දෙන්නෙ නැද්ද? "

අන්තිම වාක්‍ය හෙමින් මුමුනපු ජිම්න් විස්කි වීදුරුව දිහා බලලා පුංචියට හිනාවුනා...

" තව බාගෙකට වඩා ඉතුරුයි...මං මේවා සල්ලි දීලා ගත්තෙ ලිට්ල් කැට් .ඔයා කියනවට මේවා මෙහෙම දාලා එන්න පුලුවන්ද මට? "

"මං කියන්නද මං මේක ඉවරකරනකන් ලිට්ල් කැට් මං ලගින් ඉදගෙන ඉන්න.."

"මුලු දවසම අප්පා ලගට වෙලා හිටගෙන ඉදලා කකුල් දෙකත් රිදෙනවත් ඇතිනෙ..කෝ කෝ මෙතනින් ඉදගන්න...මුරන්ඩු වෙන්න එපා හොද ලමයා වගේ ඉදගන්න..."

ජිමින් ලග හිටගෙන සීතල ඇස් වලින් ජිමින් දිහා බලාගෙන ඉන්න යුන්ගි ගෙ අතින් ඇදලා ලගින් ඉන්දවගත්ත ජිමින් යුන්ගිටත් විස්කි වීදුරුවක් පුරවලා දික් කලා...

ඒත් යුන්ගි කලේ ජිමින් දික් කරපු විස්කි වීදුරුව දිහා හැගීමකින් තොර සීතල බැල්මකින් බලන් ඉන්න එක විතරයි...

"ඇයි එපාද?ආහ් ඕකෙ ඕකෙ..නෙවර් මයින්ඩ්.."

"ලිට්ල් කැට්ට ඕනෙ බලන් ඉන්න විතරයිනෙ..කැරි ඔන් කැරි ඔන් .."

"හැමදාම මේ තරම් බලන් ඉන්න ලැබෙන්නෙ නැහැනෙ..ඉතින් හොදට බලාගන්න.....මං දන්නවා මම ගොඩක් ලස්සනයි කියලා..."


කටින් ඉක්කාවක් පිට කරපු ජිමින් යුන්ගි දිහා බලලා නෝන්ඩියට හිනාවුනා..


හිනාවීගෙනම බාර් එකේ කවුන්ටර් එක උඩ ඔලුව තියාගත්ත ජිමින් මේ වතාවෙ ඇස් හීනි කරන් හිනාවෙවී යුන්ගි දිහා බලන් ඉන්නවා..

Stolen Love Where stories live. Discover now