"පො....පො...ඩි බේ..බි.."



ටේහියුන්ග් යන්න ගියාට පස්සෙ ජන්කුක් දිහා බලන් විල්සන් ගොතගහන්න ගත්තෙ තවමත් දොර දිහා කට කොනෙන් හිනාවෙමින් බලන් ඉන්න ජන්කුක්ගෙ අවදානය විල්සන්  වෙතට ‍යොමුවෙද්දි...



"ඕහ් විල්සන්....තව පොඩ්ඩෙන් මට ඔයාව අමතක වෙලාම යනවා..."


ලග තියන කොට්ටය අරගෙන උකුල උඩින් තියාගනිමින් කිසි ගානක් නැතුව කිවුව ජන්කුක් විල්සන් කතාකරනකන් බලන් හිටියා..

ජන්කුක් විල්සන් දිහා බලන් හිටියත් විල්සන් තවම දාඩියේ පෙගෙමින් ජන්කුක් ඉස්සරහා කතාකරන්න වචන අහුලනවා..ටේහියුන්ගෙ පස්සෙන් විල්සන්ට යන්න ඕනෙ වුනත් ජන්කුක් ඉස්සරහා අවදානමක් ගන්න විල්සන් බය වුනා..




"හරි විල්සන් කතාකරන්න එපා..මම හැමදෙයක්ම දැනගත්තා ...


විල්සන් කතානොකරන නිසා ජන්කුක් හඩ අවදි කලා. ජන්කුක්ගෙ වචන විල්සන්ගෙ හිතේ ඉතුරු වෙලා තිබ්බ අවසන් ආත්ම ශක්තියේ ශේශ මාත්‍රාවත් නැති කරලා දැන්මා..



"දැන් මට තේරෙනවා  විල්සන් මාව මගෑරියේ ඇයි කියලා.."



"පොඩි බේබි ඒක එහෙම නෙවෙයි.. ..."


"තව මොනවද විල්සන් මගෙන් හංගන්න්න හදන්නෙ ?"

"තව කී දෙනෙක් ඉන්නවද?"

"එයා වගේ තව කී දෙනෙක් මෙහෙ වැඩ කරනවද? මට ඒ ඔක්කොමලව බලන්න ඕන..."



ජන්කුක්ගෙ ප්‍රශ්නය විල්සන්ව උඩ බිම අතහැරියා....


"තව අය ?"




"ඔවු විල්සන් මගෙ ඇස් වලින් හංගන්න හැදුව රූප සුන්දරියො ටික...කෝ එයාලා....ඒත් එකක් නම් විශ්වාසයි ඒ කවුරුත්ම ඒස්‍රා තරම් ලස්සන නැතුව ඇති ඒක එහෙම නේද? "

"මම කියන්නද විල්සන් අපි මේ ගැන පස්සෙ කතාකරමු ..යන්න යන්න  ආයෙමත් එයාව එක්කගෙන එන්න..."






පොඩි බේබි හිතන්නෙ ටේහියුන්ග් පෙන්ත්හවුස් එකේ වැඩ කරන සේවකයෙක් කියලද?

ජන්කුක් දිහා බලන් විල්සන් ගෙ යටි හිත හිතුවේ විල්සන්ගෙන් උත්තරයක් ලැබෙනකන් ජන්කුක් බලන් ඉද්දි..



Stolen Love Where stories live. Discover now