🥀Haters OR Lovers 💖Chapter 08

Start from the beginning
                                    

මම දොර අරින්න බැලුවත් ඒකට password එකක් ඕනි

💚නරකම නැ
එහෙනම් දැන් ඔයාගේ වැඩ පටන් ගමු යීබෝ

අත්වල හිරි කඩපු මම මගේ බැග් එකෙන් ලැප් එක අරගෙන ලොක් සිස්ටම් එකට ලොග්වුනේ සිස්ටම් එක හැක් කරන්න.. විනාඩි 5 යි

💚ඔය ඇරුනේ බබාවගේ..

කාමරේ ඇතුලට ආපු මම ලයිට් ඔන් කරගත්තමයි දැක්කේ කාමරේ තියෙන cctv කැමරාව
කැමරාව ලගට කිට්ටු වෙලා මගේ අතේ මැද ඇගිල්ල උස්සලා කැමරාවට පෙන්නුව මම කළු ස්ටිකර් එකකින් කැමරාව කවර් කරා

💚වැඩි වෙලා නැ ඉක්මන් කරන්න ඕන
උන්ට මෙතනට එන්න පැයබාගයක් යනවා ඒ කියන්නේ මට තියෙන්නේ පැයබාගයයි

කාමරේ වටේම ඇස් යවපු මම නැවතුනේ බිත්තියේ ලොකුවට ගහලා තිබුන පින්තූරේ ලග

💚කොහොමත් ලස්සන දේවල් වලින් කැත වහන්න පුළුවන්නේ..

බිත්තියේ තිබුන පින්තූරේ ගලවලා පැත්තකට කරපු මම එතන බිත්තියට පොඩ්ඩක් අතින් තට්ටු කරා
තට්ටු දාද්දි ඇහුන සද්දි නිසා මට සතුටක් දැනුනා

💚ගඩොල්වලින් කවද්ද යකඩ සද්ද ආවේ..

මටම කියාගත්ත මම ඒ බිත්තිය පුරාම අත යවද්දි
එක තැනක ස්විච් එකක් අහුවුනා
ස්විච් එක එබුව ගමන්ම හිස් කාමරේ කොනක ලී පොළව දෙබෑකරගෙන කාමරේ උඩට මතු වුනේ කාර්යාල මේසයක්
ඉක්මනින් මේසේ ලගට කිට්ටුවුන මම ලාච්චුව ඇරලා ඒකේ තියෙන හැම දේම ඒ තියෙන විදියටම තියෙද්දි පොටෝ එකක් ගත්තා

ඉට පස්සේ ෆයිල් ලියකියවිලි එකින් එක මේසේ උඩට ගත්ත මම හැම දේකම හැම ලියකියවිල්ලකම පොටෝ ගත්තා

ආයෙත් මුලින් ගත්ත පොටෝ එකේ තිබුන විදියටම මේසේ ඇතුලේ ෆයිල් ටික තියලා මම තව ලාච්චුවක් ඇරියා

💚 pen drive එකක්

වැඩි වෙලාවක් නැති නිසා ඉක්මනටම ලැප් එකට pen drive එකේ තියෙන Details copy කරන්න ගත්තා
මේකටනම් වේලාව යනවා..
මම ඇගිලි ගැන ගැන බලන් හිටියේ මේක complete වෙනකල්..

Complete වුන ගමන් පෙන් එකත් තිබුන තැනින් තියලා ඉක්මනට පින්තූරේ ලග තිබුන ස්විච් එකෙන් ආයෙත් මේසේ බිම් මහලට යවලා ඉක්මනින් එළියට පැනගත්තේ තවත් වේලාව නැති නිසයි..

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now