අදුරු කාමරය ඇතුලට ඇවිදන් ආව හෙලේන කෑම බන්දේසිය ලග තියන ටේබල් එක උඩින් තිබ්බා...

"කෑම කාලා ඉන්න....ඊයෙ දවසටමත් කෑව නැති නිසා ගොඩක් බඩගිනි ඇති දැන් නම්..."

හෙලේනට දැනුනේ අදුරත් එක්ක ඇය තනියම කතාකරනවා කියලයි....

"මුරන්ඩු වෙන්න එපා අදත් කෑම කෑවෙ නැත්තම් අකමැත්තෙන් වුනත් මට යුන්ගි මහත්තයට මේ ගැන දැනුම් දෙන්න වෙනවා...එහෙම වුනොත් මොකද වෙන්නෙ කියලා මටත් වඩා හොදට ඔයා දන්නවනේ..ඒ නිසා ආහ් මේක ගන්න ...."

කෑම ප්ලේට් එකට කෑම බෙදුව හෙලේනා ඔහු වෙතටකෑම ප්ලේට් එක දික් කලා...


අදුරෙන් යන්තම් හරි අලෝකය වැටුන දිහාවට අතක් දික් වුනේ හෙලේනා අතේතියන කෑම ප්ලේට් එක අතට ගනිමින්...


"කලුවරේ කෑම කන්න බැහැනෙ ..මම ලයිට්ස් දානවා..."

බිත්තිය කෙලවරේ තියන ස්විච් එක ඔන් කරපු හෙලේනා කාමරය මැද තියලා තියන ඇද දිහාවට හැරුනා...

ස්වර්ගයෙ ජීවත් වෙන සුරදූතයින්ගෙ සුන්දරත්වය ගැන කොයිතරම් සුරංගනා කතන්දර ලියවිලා තියනවද?

සුන්දර ඔවුන්ගෙ සුන්දරත්වයට සමාන කරන්න කිසිවක් මනුස්ස ලෝකයෙ නැති තරම්..එවන් සුන්දරත්වයක් මනුස්සයින් ලෙස මනුස්ස ලෝකයෙ ජීවත් වීම අකැපයි...එය අත්වැරදීමක් දෙවියන්වහන්සේ අතින් සිද්ද වුන සුන්දර අත්වැරදීමක්...

මනුස්සයින් අතින් අත්වැරදීම් වුනොත් ඒ වැරදි වලට දෙවියන්වහන්සෙ ඔවුන්ට සමාව දෙයි .ඒත් දෙවියන්වහන්සෙ අතින් අත්වැරදීමක් වුනොත් ඒ අත්වැරදීමට කවුරුන්ද සමාව දෙන්නෙ?

එය එක්තරා පාපයක් වෙයි... දෙවියන්වහන්සෙගෙ සුන්දර අත්වැරදීම එය එක්තරා පාපයක්...

නමුත් පාපයක් ඇස් වලින් දකින්නත් මේ ලෝකයෙදි පින් කරන්න සිද්ද වුනොත්?

මනුස්සයෙක්ගෙ ජීවිත කාලය ඔවුන් හිතන තරම් දීර්ඝ කාලයක් වෙන්නෙ නැහැ.. නමුත් ඒ කෙටි ජීවිත කාලය තුල ඔවුන් පින් කරන්න අවශය වෙයි දෙවියන්වහන්සේගෙ සුන්දර අත්වැරදීම දැකගන්න...මොකද ඒ පාපය ඒ තරම් දුලබ පාපයක්...


Stolen Love Where stories live. Discover now