කෑමකාමරේ ජන්කුක්ව තනි කරලා එතනින් එන්න ආපු විල්සන් ටික දුරක් ඇවිදන් ඇවිත් මගින් නතර වුනේ ඔහු එනකන් කොරිඩෝ එක කෙලවරේ හිටගෙන ඉන්න ඇය දැක්කට පස්සෙයි...


ඇස් වලින් විල්සන් ඇගෙන් ප්‍රශ්න කරද්දි ඇයත් ඔහුට ඇස් වලින් ඔලුව වනලා පිලිතුරු දුන්නා...



"පොඩි බේබිත් දැන් අපිත් එක්ක මේ ගෙදර ජීවත් වෙන නිසා පරිස්සම් වෙන්න වගබලාගන්න හෙලේනා..."

හෙලේනගෙ උරහිසට තට්ටු කරපු විල්සන් ඇගේ අත උඩ කෑම පුරවපු ට්‍රේ එකක් තිබ්බා.


පොඩි බේබි දැනගන්න කලින් අපිම මේ ගැන පොඩි බේබිට කිවුවොත් හොද නැද්ද විල්සන්?මහ විනාසයක් අත ලග එනවා කියලා ඇයි මට හිතෙන්නෙ..

කලින් දවසෙ කෝෆි වලට පිලිස්සුන අත දිහා බලමින් හෙලේනා කතාකලේ විල්සන් කල්පනාවකට වැටෙද්දි.

"ඒක තමා මමත් කල්පනා කලේ ඒත් ඒකටත් සයිමන් එනකන් අපිට බලන් ඉන්න වෙනවා..."
"යුන්ගි සර් උබට කෝල් කලේ එහෙම නැද්ද හෙලේනා? ලොකු මහත්තයා දැනටමත් දන්නවා ඇති පොඩි බේබි ජේජු ආවා කියලා...මැන්ශන් එකෙන් ඕඩර් එකක් ලැබෙනකම් මෙච්චර කල් කරපු හැමදෙයක්ම ඒ විදියටම කරගෙන යමු...වෙනසක් වෙන්න ඕනෙ නම් යුන්ගි සර් අපිට කෝල් කරයි....ඕනෙවට වඩා උඹ බය වෙන්න එපා..පොඩි බේබි එයාට අවශ්‍ය නැති ප්‍රශ්න වලට ඇගිලි ගහන කෙනෙක් නෙවෙයි...මොනාවුනත් ඒ අපේ ලොකු මහත්තයගෙ පුතානෙ..පොඩි බේබිට බැහැ ලොකු මහත්තයට පිටින් යන්න..."



"ඒත් ගින්දරෙන් පුලුන් ඈත් කරලා තියන්න අපි වගබලාගන්න ඕනෙ විල්සන්...තරුන ලේ වීරකම් කරන්න කොහොමත් වැඩි කැමැත්තක් දක්වනවනේ...කවුද දන්නෙ පොඩි බේබිට සත්ව කරුනාවක්වත් පහල වුනොත්..."


"පොඩි බේබි? කරුනාවක්? ඔය පිච්චුන අත දිහා බලන්ද උබ කතාකරන්නෙ හෙලේනා..හා හා ඉක්මන් කරලා යන්න වෙලාව පහුවෙනවා..."





විල්සන් කියද්දි ඔලුව වැනුව හෙලේනා කෑම බන්දේසියත් අරන් යන්න හැරුනා....
















අගුලු දැම්ම දොරට යතුර වැටෙද්දි ටික් සද්දයක් නංවමින් දොරේ අගුලු විවර වුනේ ජනෙල් වීදුරු පවා කර්ට්න්ස් වලින් ආවරනය වෙලා තියන අදුරු කාමරයට යන්තම් හරි හිරු එලියක් ගලන් එද්දි..



Stolen Love Where stories live. Discover now